සීනි සහ පරිප්පු මිල ඉහලට

දේශිය වෙලදපොලේ රතු පරිප්පු සහ සිනි මිල සතියක් තුල රු 10 කින් ඉහල ගොස් ඇති බව පරිප්පු සහ සිල්ලර තොග වෙලදුන් කියා සිටියි.

ඉකුත් සතියේ රතු පරිප්පු කිලෝවක් රු 155ට තිබු බවත්, එය වරින් වර වැඩි වි (07) දින වන විට තවත් රු 10 කින් වැඩි කිරිම නිසා රතු පරිප්පු තොග මිල මේ වන විට රු  170 දක්වා ඉහල යාම හමුවේ පරිප්පු කිලෝවක සිල්ලර මිල රු 220 කට වත් අලෙවි කල යුතු බවයි සිල්ලර වෙලදුන් කියා සිටින්නේ.

ඉකුත් සතිය තුල සිනි කිලෝවක මිල රු 125 කට පැවති බවත්, සිනි මිලද වරින් වර වැඩි වි (07) දින වැඩි කල රු 10 ත් සමග සිනි කිලෝවක තොග මිල රු 142 දක්වා වැඩි වි ඇති බවයි වෙලදුන් කියා සිටින්නේ.

පවත්නා තත්ත්වය මත සිනි කිලෝවක සිල්ලර මිල රු 155 කට අලෙවි කිරිමට සිදු වි ඇති බවත්, රතු පරිප්පු සහ සිනි ඉල්ලුමට සරිලන සැපයුමක් නොමැති විම නිසා මෙසේ මිල ඉහල දැමිමට රතු පරිප්පු සහ සිනි තොග වෙලදුන් කටයුතු කර ඇති බව සිල්ලර වෙලදුන් කියා සිටියි.

– රංජිත් රාජපක්ෂ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
11
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?