Empty Ad
Empty Ad
 Empty Ad

සීනි මෙට්‍රික් ටොන් 19000ක් රට තුළ තිබෙනවා – මුදල් රාජ්‍ය ඇමති

පාරිභෝගික අධිකාරිය පවසන ආකාරයට මේ වන විට සීනි මෙට්‍රික් ටොන් 19000ක පමණ සීනි තොගයක් රටතුළ පවතින බැවින් රට තුළ සීනි හිඟයක් ඇතිවීමට හැකියාවක් නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

අද උදෑසන දැරණියගල – ඉළුක්තැන්න ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

තවදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ ආනයනය කරන භාණ්ඩ වර්ගයක ආනයන බදු වැඩි කළ විට රට තුළ එම භාණ්ඩ තොගයක් තිබුණ හොත් බදු පැනවීමෙන් පසු එම තොගයේ වටිනාකම වැඩිවන බවයි.

එහෙත් රජයක් ලෙස එසේ අයුතු ලාභ ලැබීම වැලැක්වීම සඳහා උපරිම සිල්ලර මිලක් පැනවිය හැකි බව ඔහු කියා සිටියා.

වත්මන් රජය සීනි බදු වෙනස් කළ දෙවතාවේදීම සීනි මිල වැඩිවීම වැලැක්වීම සඳහා එම පියවර අනුගමනය කළ බවයි අමාත්‍යවරයා එහිදී සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කචල් සජබයේ ජාතික ලැයිස්තු අර්බුදයේ ඔඩු දුවයි - "ඉල්ලුම වැඩී සැපයුම ටිකයි තියෙන්නේ "
07:52
Video thumbnail
රණසිංහ ප්‍රේමදාස හිටියනම් මැද කොළඹ පරාජය කොහොම දරාගනී ද? - සජිත් කොරවුණ ප්‍රශ්නය
18:41
Video thumbnail
මම ඇරෙන්න කවුද ඉතිං සුදුසු ? - හිරුණිකා එළියට ඇවිල්ලා කළ විශේෂ ප්‍රකාශය
04:09
Video thumbnail
CIDයෙන් එළියට ආපු රංගා සියල්ල වමාරයි - රිශාඩ්ගේ කැත වැඩ ප්‍රසිද්ධියේ කියයි
04:47
Video thumbnail
පරාජයේ විළි ලැජ්ජව වහගන්න දැන් රවී කරුණානායකව ගෙනල්ලා.
09:03
Video thumbnail
මුළු ලංකාවම සුනාමියකට අහුවුණා - සජබ හාම්පුත්තු බයෙන් කියන කතා
02:02
Video thumbnail
මරික්කාර් මාධ්‍ය මගහැර දුවයි - අනේ අනේ වෙච්ච දෙයක්
02:13
Video thumbnail
මදෑ අතක් පයක් ගැලවෙන්නේ නැතුව ඔයින් ගියා - දයාසිරි හිනාවෙලා කිව්ව කතාව
05:21
Video thumbnail
නාමල් කරුණාරත්නගෙන් මෝල් හිමියන්ට ඇස් උඩ යන්න පිළිතුරු
05:06
Video thumbnail
බයිඩ්න් යන්න කලින් රුසියා - ඇමරිකා ගැටුමක පෙරනිමිති #globalnews
10:37

?