කටුනායක, සීදූව, අම්බලන්මුල්ල කසළ අංගනයේ අද (11) දිනයේ දී හදිසි ගින්නක් හටගෙන තිබෙනවා.
මෙම ගින්න හේතුවෙන් පැය හතරක් පමණ කාලයක් එම ප්‍රදේශය දුමෙන් වැසීගොස් ඇති අතර ප්‍රදේශවාසීන් මෙන්ම කටුනායක – කොළඹ අධිවේගි මාර්ගය ද සමිපූර්ණයෙන් දුමෙන් වැසීයාම හේතුවෙන් එම මාර්ගයේ ගමන් ගත් රියදුරන් ද දැඩි අපහසුතාවයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් ගම්පහ ගිනි නිමිමෙි ඒකකයේ රථ දෙකක් සහ කටුනායක ආයෝජන මණ්ඩලයේ ගිනි නිවීමේ රථ දෙකක් යොදාගෙන මෙම ගින්න පාලනයට කටයුතු කර ඇති අතර මේ වන විටත් එම කටයුතු සිදුවනවා. බවයි වාර්තා වන්නේ.
මෙම ගින්න සම්පූර්ණයෙන්ම මැඩපැවැත්වීම සඳහා දින දෙකක් පමණ ගතවන බවයි වාර්තා වන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1













