සීතාවක ප්‍රා.සභාවේ රහස් ඡන්දයක් පැවැත්වීමට එරෙහි පෙත්සම විසිවෙයි

සීතාවක ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සහ උපසභාපතිවරයා තෝරා ගැනීම සඳහා රහස් ඡන්දයක් පැවැත්වීම වළක්වාලමින් බස්නාහිර පළාත් පාලන කොමසාරිස් සාරංගිකා ජයසුන්දර වෙත අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය තීන්දු කළා.

එම ප්‍රාදේශීය සභාවේ විපක්ෂ මන්ත්‍රීවරු විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහන්තා අබේසුරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ සමන්විත මිනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ලබා දුන්නා.

මේ අතර මෙම කරුණට අදාළව මාවතගම සහ සීතාවක නගර සභා වෙනුවෙන් ඉදිරිපත් කෙරුණු පෙත්සම් ද නිෂ්පම කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?