Empty Ad
AFC Banner
Empty Ad

සීගිරියේ අර්බුද සෙවීමට විශේෂ සාකච්ඡා

දෙස් – විදෙස් සංචාරකයින් සීගිරිය ප්‍රදේශයේ මුහුණපාන ගැටලු සම්බන්ධයෙන් අවධානය යොමු කර ඊට කඩිනම් සහ කාලීන විසඳුම් සෙවීමේ අවශ්‍යතාව ගැන රජයේ අවධානය යොමු ව තිබෙනවා.

අද (03) පෙරවරුවේ සංචාරක නියෝජ්‍ය අමාත්‍ය ආචාර්‍යය රුවන් රණසිංහ මහතා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවට එක් වෙමින් සංචාරක ප්‍රවර්ධන කාර්යංශය, වනසංරක්ෂණ දෙපාර්තුමේන්තුව, නාගරික සංවර්ධන අධිකාරය, දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, මධ්‍යම සංස්කෘතික අරමුදල, පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව ඇතුළු ආයතන කිහිපයක ඉහළ නිළධාරීන් හමු වූ අවස්ථාවේ දියි මේ බව අවධාරණය කළේ.

  1. ප්‍රවේශ පත්‍ර කවුළුවල දිගු පෝලිම්
  2. ප්‍රථමාධාර ස්ථාන නොමැතිකම
  3. වීදි පහන් නොමැති හේතුවෙන් වන සතුන්ගෙන් ඇති වන ආරක්ෂාව පිළිබඳ ගැටලු
  4. ප්‍රමාණවත් ජල පහසුකම් නොමැති වීම
  5. අත්උදව්කරුවන් නිසා සංචාරකයින් අපහසුතාවට පත්වීම
  6. ආරක්ෂක නිලධාරීන් සංචාරකයින්ට දක්වන සුහද බවේ අඩුපාඩු
  7. මාර්ගෝපදේශක සේවාව නියාමනය නොකිරීම හා නිසි පරීක්ෂාවක් සිදු නොකිරීම
  8. ලෝකයේ මිල අධිකම පුරාවිද්‍යාත්මක ස්ථානයක් වුව ද, එම මුදලට යම් අගයක් එකතු කිරීමට කටයුතු කොට නොතිබීම.
  9. නිවාඩු දිනවල දේශීය සංචාරකයින් නිසා ඇතිවන අධික තදබදය හේතුවෙන් සංචාරකයින් අපහසුතාවයට පත්වීම. එබැවින් නියමිත වේලාවට සිය කාලසටහන් ඉටු කර ගැනීමට නොහැකි වීම
  10. කණ්ඩායම් වශයෙන් පැමිණෙන සංචාරකයන්ගෙන් සීගිරිය නැඟීමට අපහසු අයව රඳවා තැබීමට විවේක ස්ථානයක් නොමැති වීම
  11. සිංහ පාදය අසල ඉදිකොට ඇති අක්‍රමවත් වැසිකිළිය ක්‍රමවත් කිරීමේ අවශ්‍යතාව
  12. බඹර ප්‍රහාරයක දී ආරක්ෂාව සදහා නිසි ආරක්ෂක ස්ථානයක් අවශ්‍යව ඇත. දැනට ඇති ස්ථානය ප්‍රමාණවත් නොවේ.
  13. සීගිරිය කෞතුකාගාරය වැඩි දියුණු කිරීමේ අවශ්‍යතාව
  14. සීගිරිය නරඹන්නට අවශ්‍ය උපදෙස් හා දැන්වීම් පුවරු තේමානුකූලව දර්ශනීය ලෙස සකස් කිරීමේ අවශ්‍යතාව
  15. අවිධිමත් ප්‍රතිසංස්කරණ කටයුතු හේතුවෙන් දැනට අක්‍රීයව ඇති පෞරාණික වතුර මල් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සහයෝගය ඇතුව නැවත ප්‍රතිසංස්කරණය කිරීම යනාදිය වනු ඇති.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයට යන එනමන් නැති වෙන්නම චතුරංග දෙසපු දෙසිල්ල
11:02
Video thumbnail
ඇලබඩගම මස්ජිදුන් නූර් ප්‍රධාන ජුම්මා පල්ලියේ රාමසාන් ඉෆ්තාර් උත්සවය සජීවීව
01:13:36
Video thumbnail
ඇවිලෙයි ඇවිලෙයි මුළු කොලොම්තොටම ගිනිරාමෙට ඇවිලෙයි!
05:27
Video thumbnail
බුදු බණ පදෙන්ම සිත් සනසපු පල්ලියෙන් ඇහුණු කතාව
20:06
Video thumbnail
මුස්ලිම් කාන්තාවන්ට පල්ලිය තහනම්ද ? ඔබ කවදාවත් නොහිතපු උත්තරේ මෙන්න
06:38
Video thumbnail
මුස්ලිම් පල්ලියකට යද්දී මුස්ලිම් බැතිමතුන් අත් - පා දෝවනය කරන හේතුව මෙන්න
03:37
Video thumbnail
අපි ලෑස්ති දෙකෙන් එකක් බේරගන්න - ආණ්ඩුවට අවසාන සිහිකැවීමත් කරයි
06:56
Video thumbnail
ගොනා හැරෙන්නේ පොල් පැලේ කන්න කියලා දැනගත්තු ඇමති නලින්ද
02:22
Video thumbnail
ප්‍රශ්ණවලට උත්තර ඉල්ලා පුබුදු ආණ්ඩුවට දෙස් තියයි
08:26
Video thumbnail
චාමර ගැන කියන ආණ්ඩුව
01:45

?