සිහිය නැතිව සිටි මැක්ස්වෙල් රෝහලට – ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයෙන් විමර්ශනයක්

ඕස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක ග්ලෙන් මැක්ස්වෙල් මත්පැන් සම්බන්ධ සිද්ධියකින් පසු රෝහල් ගතකර ඇති බව වාර්තා වනවා.

මැක්ස්වෙල් ඇඩිලේඩ් හි රෝහලක් වෙත මෙලෙස ඇතුළත් කර ඇති බවයි වාර්තා වුණේ.

ඔහු රෝහල් ගත කිරීමට හේතුව කුමක් ද යන්න නිශ්චිතව ම නොදන්නා අතර, ඩේලි ටෙලිග්‍රාෆ් පුවත්පතට අනුව, ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය විසින් සිද්ධිය පිළිබඳව විමර්ශනයක් ආරම්භ කර ඇති බව සඳහන්.

පසුගිය 19 වනදා ඔහු වැටී සිහිය නැති වූ පසුව මෙලෙස ගිලන් රථයකින් රෝහල් ගතකර ඇති බවයි ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පැවැත්වෙන එක්දින සංචිතයට නම් නොකළ මැක්ස්වෙල්, පසුගිය 19 වනදා රාත්‍රියේ සික්ස් ඇන්ඩ් අවුට් ප්‍රසංගයකට සහභාගී වී සිටි බවයි වාර්තා වුණේ.

එම ප්‍රසංගයේ දී ඔහු මෙම සිදුවීමට මුහුණ පා ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ.

සික්ස් ඇන්ඩ් අවුට් යනු හිටපු ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක බ්‍රෙට් ලී සහ තවත් අයගෙන් සමන්විත සංගීත කණ්ඩායමක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
8
+1
13
+1
8
+1
32
+1
1
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බටලන්දේ අහන්න ඕන අඳුරු මතක - අපි මාර විදිහට දුක් වින්දා මහත්තයෝ
32:04
Video thumbnail
පාර්ලිමේන්තු සජිවී විකාශය - 2025.04.09
09:30:44
Video thumbnail
අනුරපුරම කම්පා කළ අනියම් පෙම - ජීවිතය නැති කරලා පාංශුකූලයත් දීලා
04:01
Video thumbnail
මාලිමාවේ මන්ත්‍රී හැමෝම හඬවා අවසන් ගමන් ගිය හැටි
18:17
Video thumbnail
ඇයි වයසක අපිව මෙහෙම රැවට්ටුවේ - වැඩි කරනවා කියපු අපේ විශ්‍රාම වැටුප කෝ
08:23
Video thumbnail
ගාන්ධිතුමාගේ සරලකම ගැන ඔබ නොදත් කතාව
03:27
Video thumbnail
පිල්ලයාන් ගත්තා කියලා දැනගත්ත ගමන් මිනිස්සු පාරට බැහැලා සතුට සමරපු හැටි
00:19
Video thumbnail
මර්වින්ගේ නඩුවට ආපු පුතා මාලක
00:32
Video thumbnail
මර්වින්ගේ නඩුවට ආපු පුතා මාලක - මර්වින්ගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත්
05:34
Video thumbnail
වසන්ත පාර්ලිමේන්තුව දෙවනත් කරයි - අපි තමයි අපේ රටේ ත්‍ර#තවාදය පරාජය කළේ
20:26

?