සිහිය නැතිව සිටි මැක්ස්වෙල් රෝහලට – ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයෙන් විමර්ශනයක්

ඕස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක ග්ලෙන් මැක්ස්වෙල් මත්පැන් සම්බන්ධ සිද්ධියකින් පසු රෝහල් ගතකර ඇති බව වාර්තා වනවා.

මැක්ස්වෙල් ඇඩිලේඩ් හි රෝහලක් වෙත මෙලෙස ඇතුළත් කර ඇති බවයි වාර්තා වුණේ.

ඔහු රෝහල් ගත කිරීමට හේතුව කුමක් ද යන්න නිශ්චිතව ම නොදන්නා අතර, ඩේලි ටෙලිග්‍රාෆ් පුවත්පතට අනුව, ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය විසින් සිද්ධිය පිළිබඳව විමර්ශනයක් ආරම්භ කර ඇති බව සඳහන්.

පසුගිය 19 වනදා ඔහු වැටී සිහිය නැති වූ පසුව මෙලෙස ගිලන් රථයකින් රෝහල් ගතකර ඇති බවයි ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පැවැත්වෙන එක්දින සංචිතයට නම් නොකළ මැක්ස්වෙල්, පසුගිය 19 වනදා රාත්‍රියේ සික්ස් ඇන්ඩ් අවුට් ප්‍රසංගයකට සහභාගී වී සිටි බවයි වාර්තා වුණේ.

එම ප්‍රසංගයේ දී ඔහු මෙම සිදුවීමට මුහුණ පා ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ.

සික්ස් ඇන්ඩ් අවුට් යනු හිටපු ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක බ්‍රෙට් ලී සහ තවත් අයගෙන් සමන්විත සංගීත කණ්ඩායමක්.

  1. ජොලි කරන එවුනට සිහිය නැතිවුනේ බීලනම් එ්කෙ කිසිවරදක් නැත. තමන්ගෙ යුතුකම් රට වෙනුවෙන් කරපු හැටි පිටියෙදි දැක්කනෙ!
    එහේ සංස්කෘතියට ඕක සරලයි!



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උපන්දින දාම අවසන් ගමන් ගිය තරුණයා, මව රෝහල දෙවනත් කරයි
00:31
Video thumbnail
විදුලි සැර වැ# සේවකයෙක් මි#යාමේ සිද්ධිය ගැන ප්‍රබල හෙළිදරව්වක් - නුපුහුණු සේවකයෝ හිටියේ එතන
04:18
Video thumbnail
අගමැතිතුමියගෙන් සුපිරි කතාවක්
09:45
Video thumbnail
පැත්තක හිටපු නාමල් අත්අඩංගුවට ගත්තා..මෙහෙම තමයි නීතිය නවන්නේ
08:43
Video thumbnail
අගමැතිතුමියට දූ දරුවන්ගෙන් ලැබුණු ආදරය
01:16
Video thumbnail
අද නාමල්ට තිබ්බ අත හෙට ඔබට තියන්නේ පුළුවන් - නාමල් කෙඳිරි ගාන්නේ නෑ
11:19
Video thumbnail
ඩීවී චානක ආණ්ඩුවට රිදෙන්නම දෙයි - ජයකොඩි, අනුර, මාලිමාව ඉන්නේ නීතියට උඩින්
08:31
Video thumbnail
ලෝක ජනාවාස දිනයේ රට පුරා නිවාස 5000ක් ජනතා අයිතියට
01:18
Video thumbnail
හොරුන්ට ආයේ බලය දෙන්න මේ රටේ මිනිස්සු සූදානම් නෑ
07:27
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා තැපැල් සේවකයෝ කරපු දේ
01:29