spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සිසුවෙකුගේ නිරුවත් දර්ශන ලබා ගැනීමට තැත්කල දේවගැතිවරයෙකු අත්අඩංගුවට

තරුණ පාසැල් සිසුවෙකුගේ නිරුවත් දර්ශන ලබා ගැනීමට තැත්කල බවට සැකපිට සීදුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පැමිණ වූ දේවගැතිවරයෙකු මෙම මස 28 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මිගමුව වැඩබලන මහේස්ත්‍රාත් නෙල්සන් කුමාරනායක 23 දින නියෝග කර තිබෙනවා.

සීදූව ප්‍රදේශයේ දේවස්ථානයක ප්‍රධාන දේවගැතිවරයාව මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගතකරනු ලැබ තිබෙනවා.

මෙම දේවස්ථානයේ බැතිමතෙකු වන 15 හැවිරිදි පාසැල් සිසුවෙකුට නිරුවත්ව වට්ස්ඇප් මගින් විඩියෝ ඇමතුම් ලබා ගන්නා ලෙසට දේවගැතිවරයා කිහිප අවස්ථාවකදීම ඉල්ලීම් කල බවට සිදුව පොලිසියට ලද පැමිණිල්ලක් සම්බන්ධව සිදුකල විමර්ශන වලින් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පමුණුවා තිබිණි.

සිදුව පොලිසිය සැකකරු අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?