AFC Banner
AFC Banner
Empty Ad

සිවිල් ගුවන් සේවා අධිකාරියේ නව සභාපතිවරයා වැඩ භාරගනී

ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ නව සභාපතිවරයා ලෙස සුනිල් ජයරත්න අද (04) උදෑසන වැඩ භාරගත්තා.

ඒ, කටුනායක පිහිටි ප්‍රධාන කාර්යාලයේ දීයි.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සාගර කොටකදෙණිය ඇතුළු එම අධිකාරියේ නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියා.

සුනිල් ජයරත්න, වසර 37ක් ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු සේවය කර ඇති අතර, ඔහු වසර තුන හමාරක කාලයක් රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස ද කටයුතු කළා.

ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සහ ඕස්ට්‍රේලියාවේ කැන්බරා විශ්ව විද්‍යාලයේ රේගු නීතිය සහ කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධිධරයෙක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?