AFC Banner
Empty Ad
Empty Ad

සිවිල් ඉංජිනේරුවරයා ගේ අලුත්ම රස්සාව

අධිකරණ සේවිකාවකගේ ගෙල බැඳි රන් මාලය කුරුණෑගල නගරයේ දි කඩාගෙන පලා යාමට තැත් කළ සිවිල් ඉංජිනේරුවෙකු බව කියන පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කුරුණෑගල මූලස්ථාන පොලිසිය සඳහන් කර සිටිනවා.

සේවය අවසන් කළ මෙම සේවිකාව නිවසට යාම සඳහා කුරුණෑගල නගර මධ්‍යයේ පිහිටි උමං මාර්ගය ඔස්සේ ගමන් කරමින් ඇගේ ගෙළ බැඳි රන්මාලය කඩාගෙන ඇත.

ඒ අවස්ථාවේ අදාළ සේවිකාව උදව් ඉල්ලා කෑ ගසා ඇති අතර කුරුණෑගල ඔරලෝසු කණුව අසල රථවාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනකුට එය ඇසී සැකකරු හඹා ගොස් තිබේ.

නුවර පාරේ පිහිටි පෞද්ගලික බැංකුවක රථගාල දක්වා දිව ගිය සැකකරු එහි නවතා තිබූ වාහනයක් යට සැඟව සිටියදී පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු සන්තකයේ තිබූ මාලය සහ පෙන්ඩනය ද පොලිස් භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වල දී ඔහු ගලේවෙල ප්‍රදේශයේ පදිංචි සිවිල් ඉංජිනේරුවකු බවත්, මත්කුඩුවලට ඇබ්බැහිවීම නිසා සොරකමට පුරුදු වී ඇති බවත් අනාවරණය වී ඇත

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?