සිලින්ඩර් කෙලියේ පට්ටන්තරය දිග හරින හරේන්

ගෑස් ගැටළුව සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදිද අවධානය යොමුවුනා.සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා අද පාර්ලිමේන්තුවේදි ගෑස් ගැටළුව සම්බන්ධයෙන් විශේෂ අනාවරණයක් කළා.

ඔහු කියා සිටියේ ලිට්‍රෝ සමාගම වෙනත් පාර්ශවයකට අලෙවි කිරිමේ සුදානමක් පවතින බැවින් ඊට අවශ්‍ය පසුබිම සකසා ගැනීමට ගෑස් ආශ්‍රීත පිපිරීම් සිදු කෙරෙන්නේ දැයි සැකයක් මතුවන බවයි.

“මෙතුමාලාගේ නැව් වලින් නේ ඔය ගෑස් ගෙනල්ලා බාන්නේ,සමහර කට්ටිය කියනවා ප්‍රොපේන් 50% වැඩි කරලා තියනවා කියලා.මට තේරුම් ගන්න බෑ ගරු මුලසුන හොබවන මන්ත්‍රීතුමනි ප්‍රොපේන් ඩොලර් 40ක් විතර වැඩී.එතකොට මේ ගෑස් ගේන්න බැරි සල්ලි නැති අපි ඇයි මේකට පුපුරන්න කියලා 50% ගහ ගන්නේ ?

මට කියන්න ඕනේ මේකයි.හොදට අහ ගන්න,මේ ගෑස් සිලින්ඩර් නිකන් පුපුරන්නේ නෑ.අපි හලා තියනවද ලෝකයේ ගෑස් නිකන් පුපුරනවා.දැන් කියනවා කරාමෙක ප්‍රශ්නයක් කියලා.ඒකත් නෙමෙයි මම දැන් ඔබතුමාලාට අද පැහැදිලිව කියන්නවා , මම සභාගත කරනවා නැව් වලින් බානකොට සැප්තැම්බර් ඉදන් නැව්වලින් බානකොට තියන කොම්පොසිශන් එක, ඒ රටෙනුත් බලනවා මේ රටෙනුත් බලනවා.එතකොට එහෙම වෙන්න බැහැ.එතකොට වෙන කොතන හරි සෙල්ලමක් තියනවා.

මොකක්ද දන්නවද සෙල්ලම,ඊයේ පෙරේදා ඔබ තුමන්ලා දැක්කද ලිට්‍රෝ සමාගම වැලියුවේශන් කරන්න ටෙන්ඩර් එකක් දාලා තියනවා.එතකොට එක පැත්තකින් ලිට්‍රෝ එක විකුනන්න සෙට් වෙනවා.අනිත් පැත්තෙන් ඩිමාන්ඩ් එක අඩු වෙනවා.මිනිසූස් දර වලට යනවා.ඉලෙක්ට්‍රික් වලින් උයන මිනිස්සු ඒකට යනවා.ගෑස් ඉල්ලුම අඩු වෙනවා.සල්ලි ගෙවන්න තියන ප්‍රමානය අඩු වෙනවා.ආන්ඩුවට පොඩි චාන්ස් එකක් එනවා.
ඊට වඩා ලොකුම එක තමයි ලිට්‍රෝ එක ලාභ ලබපු සමාගමක්.එතකොට ලිට්‍රෝ එක විකුනන්න පාරක් කපන්නද මේ අහිංසක මිනිස්සුන්ගේ ගෙවල් වල සිලින්ඩර් පුපුරන්නේ ?

මම හැමදාම කිව්වේ පාස්කු එක්ක සෙල්ලම් කරලා ආණ්ඩු ගත්ත මිනිස්සුන්ට මේ ගෑස් සිලින්ඩර් පුපුරන එක මහ ලොකු දෙයක් ද ? “

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්ගෙන් සජිත්ට සැර හින්ට් එකක්..සජිත් හරියට ඉරානය වගේ..පොර වෙනවනම්..සොරි ඉතින්
02:54
Video thumbnail
රජයට පුළුවන් හෙට ඇති තරම් බොරු කියන්න..වංචාව හෝදන්න ඩෝබි වොෂින්ටන්ලට කොහෙත්ම බෑ
06:53
Video thumbnail
බෙල්ලන් සහ ගෝන, මුව අංතට්ටු වටලපු මෙහෙයුම
00:30
Video thumbnail
නැවතත් අධික ලෙස ඉන්ධන මිල වැඩි කරනවා ?විමල් ආණ්ඩුවට හොඳම එකෙන් දෙසයි
07:27
Video thumbnail
බෙල්ලන් සහ ගෝන, මුව අංතට්ටු වටලපු මෙහෙයුම.."මහත්තයා මට ආයේ එන්න පුළුවන් වෙයිද?"
03:27
Video thumbnail
ගාල්ල දුම්රිය අංගනයේ දුම්රිය මැදිරි දෙකක ඇතිවූ මහ ගින්න
00:54
Video thumbnail
ගාල්ල දුම්රිය අංගනයේ නවතා තිබූ දුම්රිය මැදිරි දෙකක ඇතිවූ මහ ගින්න..දෙයියනේ..මැදිරි දෙකම ගිනිබත් වෙලා
01:57
Video thumbnail
කැබිනට් මාධ්‍ය හමුවෙදි නලින්දට තද වෙයි ? - මගේ උත්තරේ දාන්නේ නෑනේ
01:05
Video thumbnail
ආයෙත් ඉන්ධන මිල ඉහළ දාන්නද යන්නේ ? මේ තත්ත්වයන් වෙනස් වෙනවා..අද කියන්න බැහැ
03:19
Video thumbnail
ගම්මන්පිලගෙන් ඇස් උඩයන හෙළිදරව්වක්..100%ක් අරමුදල් දීලා තියෙන්නේ NPP දේශපාලකයෙක්
02:07