සිරගතකර සිටි රුසියානු විපක්ෂ නායක ජීවිතක්ෂයට 

පසුගිය දශකය තුළ රුසියාවේ කැපී පෙනෙන විපක්ෂ නායකයෙක් වූ ඇලෙක්සි නවාල්නි සිරගෙදරදී මිය ගිය බව එරට බන්ධනාගාර සේවය නිවේදනය කළා.

ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ වඩාත් බරපතලම විවේචකයෙකු ලෙස සැලකෙන නවාල්නි දේශපාලනික වශයෙන් අභිප්‍රේරණය වූ වැරදි සම්බන්ධයෙන් 19 වසරක සිර දඬුවමක් විඳිමින් සිටියා

පසුගිය වසරේ අගභාගයේදී ඔහුව එරට දුෂ්කරම සිරගෙවල්වලින් එකක් ලෙස සැලකෙන ආක්ටික්හි බන්ධනාගාරයකට යවනු ලැබුවා.

ඔහු රඳවා සිට බන්ධනාගාරය පැවසුවේ උදෑසන ඇවිදීමෙන් පසු ඔහුට “අසනීපයක්” දැනුණු බවයි.

ඔහුට “ක්ෂණිකවම සිහිය නැති වී තිබෙනවා.

බන්ධනාගාර සේවය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ වහාම හදිසි වෛද්‍ය කණ්ඩායමක් කැඳවූ නමුත් එය සාර්ථක නොවූ බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
3
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?