සිම්බාබ්වේ තරගාවලියේ දී සොයාගත් රිද්මය ආසියානු කුසලානයටත්

සිම්බාබ්වේ කණ්ඩායම සමඟ නිමා වූ විස්සයි විස්ස තරගාවලියේ දී සොයාගත් රිද්මය එළඹෙන ආසියානු කුසලාන තරගාවලියටත් පවත්වාගෙන යෑමට තමා බලාපොරොත්තුවන බව ශ්‍රී ලංකා පිතිකරු කමිල් මිෂාර පවසනවා.

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර ඊයේ (07) පැවති තුන්වන සහ අවසන් විස්සයි විස්ස තරගයෙන් පසුව පැවති මාධ්‍ය හමුවේ දී ඔහු මේ බව සඳහන් කළා.

දෙරට අතර පැවති තීරණාත්මක අවසන් විස්සයි විස්ස තරගයේ, තරගයේ වීරයා බවට පත්වීමට කමිල් මිෂාරට හැකියාව ලැබුණා.

ඒ, එම තරගයේ දී පන්දු 43කට මුහුණ දී නොදැවී ලකුණු 73ක් රැස්කරමින්.

දෙරට අතර පැවති තුන්වන සහ අවසන් විස්සයි විස්ස තරගය, කුසල් ජනිත්ගේ සහ කමිල් මිෂාරගේ ශතක සබඳතාවයෙන් කඩුලු 08ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාවට ඊයේ (07) හැකියාව ලැබුණා.

ඒ, අනුව තරගාවලියේ පළමු තරගය ද ජයගෙන සිටි ශ්‍රී ලංකාව, තරග දෙකට එකක් ලෙස සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි විස්සයි විස්ස තරගාවලිය ජයගත්තා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?