සිම්බාබ්වේ තරගාවලියේ දී සොයාගත් රිද්මය ආසියානු කුසලානයටත්

සිම්බාබ්වේ කණ්ඩායම සමඟ නිමා වූ විස්සයි විස්ස තරගාවලියේ දී සොයාගත් රිද්මය එළඹෙන ආසියානු කුසලාන තරගාවලියටත් පවත්වාගෙන යෑමට තමා බලාපොරොත්තුවන බව ශ්‍රී ලංකා පිතිකරු කමිල් මිෂාර පවසනවා.

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර ඊයේ (07) පැවති තුන්වන සහ අවසන් විස්සයි විස්ස තරගයෙන් පසුව පැවති මාධ්‍ය හමුවේ දී ඔහු මේ බව සඳහන් කළා.

දෙරට අතර පැවති තීරණාත්මක අවසන් විස්සයි විස්ස තරගයේ, තරගයේ වීරයා බවට පත්වීමට කමිල් මිෂාරට හැකියාව ලැබුණා.

ඒ, එම තරගයේ දී පන්දු 43කට මුහුණ දී නොදැවී ලකුණු 73ක් රැස්කරමින්.

දෙරට අතර පැවති තුන්වන සහ අවසන් විස්සයි විස්ස තරගය, කුසල් ජනිත්ගේ සහ කමිල් මිෂාරගේ ශතක සබඳතාවයෙන් කඩුලු 08ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාවට ඊයේ (07) හැකියාව ලැබුණා.

ඒ, අනුව තරගාවලියේ පළමු තරගය ද ජයගෙන සිටි ශ්‍රී ලංකාව, තරග දෙකට එකක් ලෙස සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි විස්සයි විස්ස තරගාවලිය ජයගත්තා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සූර්ය බලශක්ති ව්‍යාපෘතිවලට දාලා තියෙන තහංචි අයින් කරන්න - සජිත් රජයෙන් කළ ඉල්ලීම
01:46
Video thumbnail
ජලභීතිකා නව පනත තුළින් සිදුවන ගැටලු ගැන සජිත් හෙළිකරයි - තවත් සංශෝධනය කරන්න එපා
05:50
Video thumbnail
රුමේෂ්ගේ ජයග්‍රහණය ගෙදර අය කෑගහලා සමරපු හැටි - සතුටට කට්ටිය රතිඤ්ඤත් දායි
01:36
Video thumbnail
ආසියානු ක්‍රීඩා උළෙලේ හෙල්ල විසිකිරීමේ රන් පදක්කම රුමේෂ්ට - මහ වැස්සේ අපේ කොල්ලා ගැහුව ගේම
00:52
Video thumbnail
අවසරලත් පීටිකාවෙන් පිට මත්පැන් තබා සාදයක් පැවැත්වූ කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:28
Video thumbnail
මත්පෙති ජාවාරමට එරෙහිව ගමක් පාරට බහී
01:37
Video thumbnail
විලංගු දාලා නාමල්ව නවත්වන්න බෑ
01:50
Video thumbnail
අලුතින් හදපු කොන්ක්‍රීට් පාරට මාස 6ක් යන්න කළින් වුණ දේ..
02:21
Video thumbnail
බදුල්ල කතරගම දේවාලයේ අලි කුලප්පුවක්
01:07
Video thumbnail
දවස් 3ක් තිස්සේ තෙල් නෑ
00:54