ලබන සිකුරාදා සිට පැය 4ක කාලයක් විදුලිය විසන්ධි කිරීමට සිදු වනු ඇති බව විදුලිබල ඒකාබද්ධ වෘත්තීය සමිති කැඳවුම්කරු රංජන් ජයලාල් පවසනවා.
විදුලි කප්පාදුව හෙට සිට පැයක් සිදු කිරීමට නියමිත නමුත් එය ද පැය දෙකක් දක්වා දීර්ඝ කිරීමට සිදුවන බවටයි ඔහු අනතුරු අඟවන්නේ.
නමුත් එම ක්‍රියාවලියද පවත්වා ගත හැකි වන්නේ ද ලබන සිකුරාදා වන තුරු පමණක් බවයි ඔහු පවසන්නේ.
ඉන් අනතුරුව නියත වශයෙන්ම පැය 4ක කාලයක විදුලි කප්පාදුවක් සඳහා යොමුවීමට ලංකා විදුලිබල මණ්ඩලයට සිදු වනු ඇති බවට ඔහු පෙන්වා දෙනවා.
එමෙන්ම ඔහු අනතුරු අඟවන්නේ මේ වන විට රටේ පවතින වැසි රහිත කාලගුණය ද නොතකා ජල විදුලි බලාගාර උපරිම ධාරිතාවෙන් ක්‍රියාත්මක වන බවයි.
මේ හේතුවෙන් ඉදිරියේදී පානීය ජලය සහ කෘෂිකර්මාන්තය සඳහා අවශ්‍ය කරන ජලය මුදා හැරීමේ කටයුතු ද සිදු කර ගැනීමට නොහැකි වන බවට ඔහු අනතුරු අඟවනවා.
රන්ජන් ජයලාල් මේ අදහස් පළ කළේ අද (23) උදෑසන මාධ්‍යවේදීන් හමුවේ කරුණු දැක්වීමක් සිදු කරමින්.