සිංහයින් පරදා පළමු තරගයෙන් ව්‍යාඝ්‍රයින්ට කඩුළු 06ක ජයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගයෙන් කඩුළු 06ක ජයක් හිමි කර ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණා .

මෙහිදී නොදැවී බංග්ලාදේශ නායක නජිමුල් හොසේන් ෂන්ටෝ ලකුණු 122ක් සහ මුශ්පිකර් රහීම් ලකුණු 73ක් ලබා ගනිමින් සිය කණ්ඩායම ජයග්‍රහණය සදහා රැගෙන යාමටයි කටයුතු කළේ.

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන පළමු එක්දින තරගයේදී ශතකයක් වාර්තා කිරීමට බංග්ලාදේශ නායක නජිමුල් හොසේන් ෂන්ටෝ සමත් වුණා.


පන්දු 108කදී වාර්තා කළ මෙම ශතකය සදහා එක් හයේ පහරක් සහ හතරේ පහර 11ක් අන්තර්ගත වනවා.

බංග්ලාදේශ හිටපු නායක මුශ්පිකර් රහීම් ද මෙහිදී පන්දු 59කින් අර්ධ ශතකයක් වාර්තා කිරීමටයි සමත් වුණේ.

මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 48යි පන්දු 5ක් අවසානයේ සියල්ලන් දැවී ලබා ගත්තේ ලකුණු 255ක් පමණයි .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
4
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?