සිංගප්පූරු අගමැති තනතුර අත්හරී

සිංගප්පූරුවේ දීර්ඝ කාලයක් අගමැති ධුරයේ කටයුතු කළ ලී සියෙන් ලූන්ග් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.

ඒ,අනුව එරට දේශපාලන යුගයක අවසානය සනිටුහන් වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

වසර 20ක පාලන බලයෙන් පසු, ලී සියෙන් ලූන්ග්, අද (15) රාත්‍රියේ නියෝජ්‍ය අගමැති සහ මුදල් අමාත්‍ය ලෝරන්ස් වොන්ග් වෙත නිල වශයෙන් පාලන බල භාරදෙනු ඇති බවයි වාර්තා වන්නේ.

අගමැතිවරයා ලෙස ඔහු පසුගිය සති අන්තයේ දේශීය මාධ්‍ය සමඟ අවසන් සම්මුඛ සාකච්ඡාවට එක්වෙමින් සිංගප්පූරු වැසියන්ගේ සහයෝගයට ස්තූතිය පළකර සිටියා.

“මම අනිත් හැමෝටම වඩා වේගයෙන් දුවන්න උත්සාහ කළේ නැහැ. මම හැමෝවම මාත් එක්ක දුවන්න පුළුවන් තත්ත්වය⁣ට ගේන්න උත්සාහ කළා,” යනුවෙන් ඔහු එහිදී පැවසුවා.

1984 දී පසුපෙළ මන්ත්‍රීවරයකු ලෙස දේශපාලනයට සම්බන්ධ වූ ලී සියෙන් ලූන්ග් 2004 දී සිංගප්පූරුවේ නායකත්වය ගැනීමට පෙර සිංගප්පූරුවේ දෙවන අග්‍රාමාත්‍ය ගොහ් චොක් ටොං යටතේ ඉහළ නිලතල දැරුවා.

සිංගප්පූරුවේ ආර්ථිකය විවිධාංගීකරණය වී වර්ධනයවීම, දිවයින ජාත්‍යන්තර මූල්‍ය බලාගාරයක් සහ ඉහළම සංචාරක ගමනාන්තයක් බවට පරිවර්තනය වීම, ගෝලීය මූල්‍ය අර්බුදය සහ කෝවිඩ් වසංගතය හරහා රට නිසි ලෙස මෙහෙයවීම සම්බන්ධයෙන් ලී සියෙන් ලූන්ග්ගේ රජයට ගෞරවය හිමි වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
1
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බෙල්ලන් සහ ගෝන, මුව අංතට්ටු වටලපු මෙහෙයුම.."මහත්තයා මට ආයේ එන්න පුළුවන් වෙයිද?"
03:27
Video thumbnail
ගාල්ල දුම්රිය අංගනයේ දුම්රිය මැදිරි දෙකක ඇතිවූ මහ ගින්න
00:54
Video thumbnail
ගාල්ල දුම්රිය අංගනයේ නවතා තිබූ දුම්රිය මැදිරි දෙකක ඇතිවූ මහ ගින්න..දෙයියනේ..මැදිරි දෙකම ගිනිබත් වෙලා
01:57
Video thumbnail
කැබිනට් මාධ්‍ය හමුවෙදි නලින්දට තද වෙයි ? - මගේ උත්තරේ දාන්නේ නෑනේ
01:05
Video thumbnail
ආයෙත් ඉන්ධන මිල ඉහළ දාන්නද යන්නේ ? මේ තත්ත්වයන් වෙනස් වෙනවා..අද කියන්න බැහැ
03:19
Video thumbnail
ගම්මන්පිලගෙන් ඇස් උඩයන හෙළිදරව්වක්..100%ක් අරමුදල් දීලා තියෙන්නේ NPP දේශපාලකයෙක්
02:07
Video thumbnail
පාස්කු මහමොළකරු අස්සේ ගම්මන්පිල හේමමාලා කුමරිය ගැන කිව්ව දේ..කවුද දැන් මහමොළකරු ?
02:34
Video thumbnail
වීදි ලාම්පු සිග් සැග් ක්‍රමයට නිවලා දාන්න..සංගීත සංදර්ශනවලටත් වැට බැදෙයි ද ?
04:06
Video thumbnail
ගම්මන්පිළ හෙළිකරන පාස්කු මහ මොළකරුව බලන්න ප්‍රබලයෝ රැසක් එයි
00:42
Video thumbnail
ආණ්ඩුවට සහාය දෙන්න සජිත් සූදානම් - මාධ්‍ය කැඳවලා කියයි
06:31