AFC Banner
AFC Banner
Empty Ad

සිංගප්පූරු අගමැති තනතුර අත්හරී

සිංගප්පූරුවේ දීර්ඝ කාලයක් අගමැති ධුරයේ කටයුතු කළ ලී සියෙන් ලූන්ග් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.

ඒ,අනුව එරට දේශපාලන යුගයක අවසානය සනිටුහන් වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

වසර 20ක පාලන බලයෙන් පසු, ලී සියෙන් ලූන්ග්, අද (15) රාත්‍රියේ නියෝජ්‍ය අගමැති සහ මුදල් අමාත්‍ය ලෝරන්ස් වොන්ග් වෙත නිල වශයෙන් පාලන බල භාරදෙනු ඇති බවයි වාර්තා වන්නේ.

අගමැතිවරයා ලෙස ඔහු පසුගිය සති අන්තයේ දේශීය මාධ්‍ය සමඟ අවසන් සම්මුඛ සාකච්ඡාවට එක්වෙමින් සිංගප්පූරු වැසියන්ගේ සහයෝගයට ස්තූතිය පළකර සිටියා.

“මම අනිත් හැමෝටම වඩා වේගයෙන් දුවන්න උත්සාහ කළේ නැහැ. මම හැමෝවම මාත් එක්ක දුවන්න පුළුවන් තත්ත්වය⁣ට ගේන්න උත්සාහ කළා,” යනුවෙන් ඔහු එහිදී පැවසුවා.

1984 දී පසුපෙළ මන්ත්‍රීවරයකු ලෙස දේශපාලනයට සම්බන්ධ වූ ලී සියෙන් ලූන්ග් 2004 දී සිංගප්පූරුවේ නායකත්වය ගැනීමට පෙර සිංගප්පූරුවේ දෙවන අග්‍රාමාත්‍ය ගොහ් චොක් ටොං යටතේ ඉහළ නිලතල දැරුවා.

සිංගප්පූරුවේ ආර්ථිකය විවිධාංගීකරණය වී වර්ධනයවීම, දිවයින ජාත්‍යන්තර මූල්‍ය බලාගාරයක් සහ ඉහළම සංචාරක ගමනාන්තයක් බවට පරිවර්තනය වීම, ගෝලීය මූල්‍ය අර්බුදය සහ කෝවිඩ් වසංගතය හරහා රට නිසි ලෙස මෙහෙයවීම සම්බන්ධයෙන් ලී සියෙන් ලූන්ග්ගේ රජයට ගෞරවය හිමි වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
1
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජන රැල්ල නාමල්ට කැරකෙයි - සෙල්ෆි ගන්න ආච්චිලත් පොරකයි
03:17
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
05:29:12
Video thumbnail
මන්ත්‍රීවරුන්ට නැවත අවි ලබා දීමේ සුදානමක් ? පාඨලී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
12:14
Video thumbnail
ඩිෆෙන්ඩරෙන් ඇවිත් යායට වෙ#තිබ්බා...#1million #viralvideo
01:32
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ
00:58
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03

?