සිංගප්පූරු ගුවන් සේවයේ හොඳම කාර්ය මණ්ඩලයට හිමි සම්මානය කටුනායකට

සිංගප්පූරු ගුවන් සේවය විසින් ලොව පුරා සිටින තම කාර්යය මණ්ඩල අතරින් 2023 වසරේ හොඳම කාර්යය මණ්ඩලය ලෙස ශ්‍රී ලංකාවේ කටුනායක ගුවන් තොටුපොළ තුළ සේවයේ නිරත කාර්යය මණ්ඩලය තෝරා ගෙන තිබෙනවා.

එහිදී ගුවන් මගී සේවා, ගුවන් භාණ්ඩ ප්‍රවාහන මෙහෙයුම් කටයුතු, ආසන වෙන් කිරීම්, කාර්යක්ෂම සහ සුහදශීලී සේවා කටයුතු, සන්නිවේදන සේවා ආදී විවිධ අංශ ඇගැයීමකට ලක් කර ඇතැයි සඳහන්.

මේ සදහා වූ සම්මාන ප්‍රදානොත්සවය පසුගිය 15 වනදා සිංගප්පූරුවේ ෂැංග්‍රිල්ලා හෝටලයේ දී පැවති අතර එය ලබා ගැනීමට සිංගප්පූරු ගුවන් සේවයේ කටුනායක ගුවන් තොටුපොළ කළමනාකරු දිල්රුක්ෂි කුඩාලියනගේ මහත්මිය ඇතුළු පිරිසක් ගොස් සිටියා.

ලෝකයේ ගුවන් සේවා අතරින් හොදම ගුවන් සේවය ලෙස අවස්ථා 11ක් සිංගප්පූරු ගුවන් සේවය තේරී පත් වී තිබෙනවා.

ඔවුන් සතුව නවීන ගුවන් යානා 300කට අධික ප්‍රමාණයක් ඇති අතර ලොව පුරා රටවල් 64ක් සමග ඍජු ගුවන් ගමන් සේවා ක්‍රියාත්මක කරනු ලබනවා.

එසේම පසුගිය කොරෝනා වසංගත සමයේ දී ශ්‍රී ලංකාවේ මෙම සිංගප්පූරු ගුවන් සේවා කණ්ඩායම පැවති අවදානම මධ්‍යයේ ඉටු කළ සේවය ඇගයීමට ලක් කරමින් සිංගප්පූරු ගුවන් සේවය ” ග්‍රිට් ” (Grit ) නැමැති සම්මානය ද පසුගිය දා ප්‍රදානය කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාසල්රි ජලාශ‍යේ ලොකුම දූපතේ හදිසියේම ඇතිවූ ගින්න
00:24
Video thumbnail
මහින්දට සමුදෙන්න සජිත් ප්‍රේමදාසත් එයි..කට්ටිය වටවෙලා ලොකු කතාවක්
01:06
Video thumbnail
අවු:7කට උඩදි වුණ පාස්කු සිද්ධිය නිසා අපේ වින්දිතයින් තාම දුක් විදිනවා..කෑමොර දීලා සාධාරණය ඉල්ලන්නේ
02:49
Video thumbnail
නලින්ද හර්ෂද ඇතුළු කට්ටියටම ප්‍රශංසා කරලා කිව්ව දේ..රටේ Brand එකක් විදියට ලෝකයට අරන් යමු
07:17
Video thumbnail
1990 ටීෂර්ට් එකක් ඇදගෙන බස් එකෙන් බැස්සම කඩේ මුදලාලි සල්ලි ගන්නේ නෑ..හර්ෂද සිල්වා කිව්ව සුපිරි කතාව
01:56
Video thumbnail
"මිත්‍ර නලින්ද මට ඉස්සෙල්ලම Invite කරපු එක මට පුදුමයක් නෙවෙයි" l Harsha de Silva
05:29
Video thumbnail
නාමල්ගේ අසූචිවලින්ද වගාව හදන්නේ..කුමාරවරු ඔක්කොම එකතුවෙලා මඩිය තර කරගන්නවා
05:51
Video thumbnail
ගම්මන්පිලගේ පොත ගැන මුජිබුර්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්..එක එක්කෙනා බේරගන්න කරන Project එකක් මේ
10:36
Video thumbnail
සජබ සෙට් එකක් ගමක් පිරිවරාගෙන ගිහින් දේව කන්නලව්වක් කළ අයුරු.."අනුර භංගවේවා" කියලා කට්ටිය පොල් ගහයි
03:45
Video thumbnail
උත්සව සමයේ තෙල් මිල වෙනස් වීමක් වෙයිද ?..මුල් සතිය ඇතුළත සේරම තෙල් නැව් ටික ළඟා වෙනවා
03:35