සිංගප්පූරු ගුවන් සේවය විසින් ලොව පුරා සිටින තම කාර්යය මණ්ඩල අතරින් 2023 වසරේ හොඳම කාර්යය මණ්ඩලය ලෙස ශ්‍රී ලංකාවේ කටුනායක ගුවන් තොටුපොළ තුළ සේවයේ නිරත කාර්යය මණ්ඩලය තෝරා ගෙන තිබෙනවා.
එහිදී ගුවන් මගී සේවා, ගුවන් භාණ්ඩ ප්‍රවාහන මෙහෙයුම් කටයුතු, ආසන වෙන් කිරීම්, කාර්යක්ෂම සහ සුහදශීලී සේවා කටයුතු, සන්නිවේදන සේවා ආදී විවිධ අංශ ඇගැයීමකට ලක් කර ඇතැයි සඳහන්.
මේ සදහා වූ සම්මාන ප්‍රදානොත්සවය පසුගිය 15 වනදා සිංගප්පූරුවේ ෂැංග්‍රිල්ලා හෝටලයේ දී පැවති අතර එය ලබා ගැනීමට සිංගප්පූරු ගුවන් සේවයේ කටුනායක ගුවන් තොටුපොළ කළමනාකරු දිල්රුක්ෂි කුඩාලියනගේ මහත්මිය ඇතුළු පිරිසක් ගොස් සිටියා.
ලෝකයේ ගුවන් සේවා අතරින් හොදම ගුවන් සේවය ලෙස අවස්ථා 11ක් සිංගප්පූරු ගුවන් සේවය තේරී පත් වී තිබෙනවා.
ඔවුන් සතුව නවීන ගුවන් යානා 300කට අධික ප්‍රමාණයක් ඇති අතර ලොව පුරා රටවල් 64ක් සමග ඍජු ගුවන් ගමන් සේවා ක්‍රියාත්මක කරනු ලබනවා.
එසේම පසුගිය කොරෝනා වසංගත සමයේ දී ශ්‍රී ලංකාවේ මෙම සිංගප්පූරු ගුවන් සේවා කණ්ඩායම පැවති අවදානම මධ්‍යයේ ඉටු කළ සේවය ඇගයීමට ලක් කරමින් සිංගප්පූරු ගුවන් සේවය ” ග්‍රිට් ” (Grit ) නැමැති සම්මානය ද පසුගිය දා ප්‍රදානය කර තිබුණා.














LAND AREA OF SINGAPORE SIMILAR TO THE AREA OF COLOMBO DISTRICT BUT HAVING 300 PASSENGER AIRCRAFT. NO MATTER WHERE TO STOP ALL BECAUSE ALL ARE ON AIR LANDED FEW.