සැලසුම්කර තිබූ ජල කප්පාදුව අත්හිටුවයි

අද (22) රාත්‍රී 10.00 සිට කොළඹ ප්‍රදේශ කිහිපයකට ක්‍රියාත්මක කිරීමට සැලසුම්කර තිබූ පැය 14ක ජල කප්පාදුව සිදු නොකිරීමට තීරණය කළ බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරනවා.

කොළඹ 02, 03, 04, 05, 07, 08, 09 සහ කොළඹ 10 යන ප්‍රදේශවලට අද (22) රාත්‍රී 10.00 සිට හෙට (23) මධ්‍යහන 12.00 දක්වා පැය 14ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බවයි ජල සම්පාදන මණ්ඩලය මීට පෙර දැනුම් දී තිබුණේ.

කෙසේවෙතත් සැලසුම්කර තිබූ ජල කප්පාදුව මේ වනවිට සිදු නොකිරීමට තීරණය කර ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?