AFC Banner
AFC Banner
Empty Ad

සැමියා බේරගන්න යාමෙන් විදුලිසැර වැදී බිරිඳත් එතනම මරුට

විදුලි සැර වැදීමෙන් පුද්ගලයින් දෙදෙනකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

මුන්දලම පොලිසිය පැවසුවේ ඊයේ (28) රාත්‍රියේ දී මුන්දලම – අක්කර 412 ප්‍රදේශයේ දී මෙම අනතුර සිදු ව ඇති බවත්; අනතුරින් මියගොස් ඇත්තේ අඹු – සැමි යුවළක් බවයි.

වයස අවුරුදු 55ක් වන ස්ටැන්ලි තිලකරත්න සහ ඔහුගේ බිරිඳ වූ 52 හැවිරිදි චන්ද්‍රිකා මල්කාන්ති නමැත්තියෙක් මෙලෙස මරණයට පත් ව තිබෙනවා.

මියගිය දෙදෙනා විසින් තමන් පදිංචි නිවස ආසන්නයේ ව්‍යාපාරික ස්ථානයක් පවත්වාගෙන ගොස් ඇති බවත්
එම ව්‍යාපාරික ස්ථානයට වෙනම ම විදුලිය ලබාගෙන නොමැති බවත්; වයරයක් අටවා ලබාගත් විදුලි වයරයකින් මෙම විදුලි සැර වැදී ඇති බවත් පැවසෙනවා.

මියගිය සැමියා විසින් එම වයරයේ තිබූ දෝෂයක් සැකසීමට යාමේ දී විදුලිසැර වැදී ඇති අතර ඔහුව බේරා ගැනීමට උත්සාහ කළ බිරිඳට විදුලිසැර වැදී ඇති බවත් පොලිසිය පවසනවා.

අවට පදිංචිකරුවන් විසින් දෙදෙනාව ම මුන්දලම දිසා රෝහලට ඇතුළත් කර ඇති නමුත් ඒ වන විටත් ඔවුන් දෙදෙනා මියගොස් සිටි බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?