දෙවුන්දර වෙඩිල්ලට බිළි වූ පසිඳුගේ අවසන් කටයුතු අද – ධීවර රැකියාවට ගිය පියාත් ගොඩබිමට එයි

දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලය ඉදිරිපිට සිංහාසන මාර්ගයේ දී පසුගිය 21 වනදා රාත්‍රියේ දී සිදු වූ වෙඩි තැබීමෙන් මිය ගිය පසිඳු තාරකගේ අවසන් කටයුතු අද (29) දිනයේ සිදුකිරීමට නියමිතයි.

වෙඩි ප්‍රහාරයට ලක්ව පසිඳු තාරක ඝාතනයට ලක්වන අවස්ථාවේ දී ඔහුගේ පියා ධීවර රැකියාවට මුහුදු ගොස් තිබූ අතර, පියා යළි ගොඩබිමට පැමිණෙන තෙක් පසිඳුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකිරීම පමා කිරීමට ඥාතීන් තීරණය කර තිබුණා.

ඒ, අනුව පසිඳුගේ පියා අද දිනයේ ගොඩබිමට පැමිණ තිබූ අතර, ඒ අනුවයි පසිඳු දේහය පිළිබඳ අවසන් කටයුතු අද දිනයේ සිදුකිරීමට නියමිතව ඇත්තේ.

මෙම වෙඩි තැබීමෙන් පසිඳු තාරකට අමතරව යොමේෂ් නාදීශාන් නැමැති දෙවිනුවර ප්‍රදේශයේ පදිංචි තරුණයෙක් ද ඝාතනයට ලක් වුණා.

වෙඩික්කරුවන්ගේ ඉලක්කය වී තිබුණේ යොමේෂ් නාදීශාන් නැමැත්තා වන අතර, කපුගම්පුර ප්‍රදේශයේ නිවසක පැවැති උපන්දින සාදයකට සහභාගී වී මොවුන් දෙදෙනා යතුරුපැදියකින් නැවත නිවෙස් වෙත පැමිණෙමින් සිටිය දී වෑන් රථයකින් පැමිණි වෙඩික්කරුවන් පිරිසක් වෙඩි තබා පළාගොස් තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රජය, ඇමතිලා ඉන්නේ පිස්සු නටන්න නෙවෙයි - ඇමතිලා බයිලා කියන්නේ
11:00
Video thumbnail
අන්තරේට අගමැතිගෙන් යහපත් ප්‍රතිචාරයක් ? - මේවට කුඩම්මගේ සැලකිලි තියෙන්නේ
08:05
Video thumbnail
දෙයියන්ගෙම පිහිටයි සජිත් ප්‍රේමදාසට - ප්‍රසාද්ට කට උත්තර නැතිකළ බිමල්
01:17
Video thumbnail
Dasatha Vimasuma| මාලිමාව නියමයි..මම දුන්නෙත් මාලිමාවට දෙන්නෙත් මාලිමාවට..මාව මැ#වත් කමක් නෑ
01:40
Video thumbnail
මන්ත්‍රී කෙනෙක් පළාතටවත් ආවේ නෑ - ඡන්දවලට එනවා..ආපු ගංවතුරට අපේ ගෙවල් ගන්න දෙයක් නෑ
07:53
Video thumbnail
අත තියන්නවත් බැරි අයට නීතියෙන් අත තිබ්බා - අපිට මේ Attack කරන්නේ වැඩේ හොඳට යන නිසා
06:35
Video thumbnail
ජනපති හමුවෙන්න ආ අමුත්තා - ජනපති හිනාවෙලා පිළිගත්ත හැටි
01:22
Video thumbnail
මාලිමාවේ සාගරිකා සහ තුෂාරි රටේ දැවෙන ප්‍රශ්නයට දුන් පිළිතුර - ජනතාව අපිට ජන වරමක් දුන්නා
04:39
Video thumbnail
බිමල්ගේ සැර කතාවෙන් විපක්ෂය හාන්සිවෙයි - CID එකේ ප්‍රධානියා පැලවත්තේ හිටපු කෙනෙක් නෙවෙයි
14:57
Video thumbnail
විනිසුරු විශ්‍රාම වයස වැඩි කිරීම ගැන ලක්මාලි දුන් සැර පිළිතුර - ස්වාධීනත්වයට කිසි තර්ජනයක් වෙන්නේ නෑ
07:36