රනිල්ගේ නිවසට ගිනි තැබීමේ සිද්ධියේ සැකකරුවෙකු ලෙස අමාත්‍ය එරංග ගුණසේකර නම්කරයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කොල්ලුපිටියේ පස්වන පටුමගේ පිහිටි පෞද්ගලික නිවසට 2022 ජූලි 09 වන දින එල්ල වූ ප්‍රහාරයේ සහ ගින්න නිවා දැමීමට පැමිණි ගිනි නිවන හමුදාවට බාධා කිරීමේ සිද්ධියේ සැකකරුවෙකු ලෙස තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා නම් කර තිබෙනවා.

ඒ අනුව එම නඩුව ඊයේ (27) දින කැඳවූ අවස්ථාවේ දී කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ ඔහු පෙනී සිටියේ නැති බවයි දසත අධිකරණ වාර්තාකාරිණිය සඳහන් කළේ.

ගුණසේකර මහතාගේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේ තම සේවාදායකයා අසනීප තත්ත්වයෙන් පසුවන බැවින් ඔහුට අධිකරණයට පැමිණීමට නොහැකි වූ බවයි.

තවත් සැකකරුවන් කිහිප දෙනෙකුගේ නීතිඥවරයා අධිකරණයට දැනුම්දුන්නේ තම සේවාදායකයින්ට අධිකරණයට පැමිණීමට නොහැකි බවයි.

කෙසේ වෙතත් මහේස්ත්‍රාත්වරයා පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු නිකුත් කළ අතර ඊළඟ නඩු විභාගයේදී නියෝජ්‍ය අමාත්‍ය ගුණසේකර මහතාට අධිකරණයේ පෙනී සිටින ලෙසට ද නියෝග කළා.

  1. සිරස මාද්‍යවේදියෙක් ට හා කාන්තාවට පහර නොදුන්නානම්..සියල්ල වීඩියෝකරගන්න තිබුනා. නමුත් ඒකට ආරක්ශකයන් භාදාකලා..ඒ ඇයි රනිල්



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46