චාමර පිටින් කෑම ගන්න අවසර ඉල්ලයි

මේ වනවිට රක්ෂිත බන්ධාගාර ගතකර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක තම ආහාර වේල් පිටතින් ලබාගැනීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් අවසර ඉල්ලා තිබෙනවා.

මන්ත්‍රීවරයා විසින් සිය ඉල්ලීම ලිඛිතව ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මන්ත්‍රීවරයාගේ එම ඉල්ලීමට අවසර ලබානොදුන් බවයි බන්ධනාගාර කොමසාරිස්වරයාගෙන් අප කළ විමසීමක දී ඔහු පැවසුවේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මේ වනවිය කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටින අතර, සාමාන්‍ය රැඳවියෙකුට ලබාදෙන සාමාන්‍ය පහසුකම් සියල්ල ඔහුට ද ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර රක්ෂිත බන්ධාගාර ගතකර සිටින, සේවය අත්හිටුවා සිටින පොලිපති දේශබන්දු තෙන්නකෝන් ද සිය ආහාර වේල් නිවසින් ලබාගැනීමට බන්ධනාගාරයෙන් අවසර ඉල්ලා තිබූ අතරම ඒ සඳහා අවසර ලබාදීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව මේ වනවිට කටයුතු කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පා.ම චමින්ද විජේසිරිට ඇප
00:44
Video thumbnail
කුමාර් සංගක්කාරගෙන් අත්දැකීම් පාදක දේශනයක්
01:09
Video thumbnail
උණුසුම් කාලගුණය ගැන ජනතාවට විශේෂ දැනුම්දීමක්
04:19
Video thumbnail
අපිට බොන්නවත් හරියට වතුර නෑ - රජයෙන් අපිට විසඳුමක් ලබාදෙන්න
03:53
Video thumbnail
මහා පරිමාණ ගංජා වගාවක් හම්බෙගමුව පොලිසිය වටලයි
00:27
Video thumbnail
පස් දෙනෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුරට පෙර කට්ටිය හිනා වෙවී සතුටින් හිටිය හැටි
03:12
Video thumbnail
පොලිසියට චණ්ඩි පාට් දාපු පුද්ගලයාව පොලිසියෙන් කුදලන් ගිය හැටි
01:25
Video thumbnail
රටට තියන එකම විකල්පය සජබයයි - ජනතාව අසරණ වෙලා ඉන්නේ
02:52
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38