දේශබන්දුට සැඟවී සිටින්න රැකවරණය දුන් කෝටිපති ව්‍යාපාරිකයාට ඇප

බන්ධනාගාර ගතව සිටින අනිවාර්ය නිවාඩු යවා සිටි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට අධිකරණයට භාරවීමට පෙර රැකවරණය ලබාදීම සහ ප්‍රවාහන පහසුකම් ලබාදීම යන චෝදනා මත අත්අඩංගුවට ගැනුණු කෝටිපති ව්‍යාපාරිකයා රුපියල් ලක්ෂ දහයක ශරීර ඇපයක් මත මුදාහරින ලෙස කඩුවෙල වැඩ බලන මහේස්ත්‍රාත් කමල් ප්‍රසන්න විජේසිරි මහතා අද (29) නියෝග කළා.

මෙලෙස ඇප නියම වූයේ තලවතුගොඩ, ශාන්තිපුර ප්‍රදේශයේ පදිංචිකරුවකුවන ගිනිතොට පොල්වත්තගේ සුරංග සංජීව වීරසූරිය නමැති කෝටිපති ව්‍යාපාරිකයෙකුටයි.

සැකකාර ව්‍යාපාරිකයා විසින් තම මෝටර් රථ යොදාගෙන දේශබන්දු තෙන්නකෝන්ට ප්‍රවාහන පහසුකම් ලබා දී ඇති බවට කරුණු අනාවරණය වීමෙන් පසු ඔහුව දෙවරක්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ප්‍රශ්න කිරීම් සිදුකර තිබුණා.

සැකකරු තලවතුගොඩ ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබාගැනීම සඳහා ඇතුළත්ව සිටිය දී ඔහුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන පොලිස් ආරක්ෂාව යටතේ පසුවුණා.

එහිදී මාතර මහේස්ත්‍රාත් අධිකරණය මඟින් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයෙන් කරන ලද ඉල්ලීමක් මත වැඩ බලන මහේස්ත්‍රාත් කමල් ප්‍රසන්න විජේසිරි මහතා සැකකරු ප්‍රතිකාර ලබමින් සිටි තලවතුගොඩ ප්‍රදේශයේ පෞද්ගලික රෝහලට ගොස් සැකකරු පරීක්ෂා කර බැලීමෙන් පසු එම නියෝගය ලබාදීමට කටයුතු කර තිබුණා.

මේ සම්බන්ධයෙන් වැඩිදුර නඩු විභාගය අප්‍රේල් මස තුන්වෙනි දින යළි කැඳවීමට ද නියෝග කර තිබෙනවා.

මේ අතර දේශබන්දු තෙන්නකෝන්ට සැඟවී සිටීමට උපකාර කළ බව කියන පොලිස් විශේෂ ආරක්ෂක අංශයට අනුයුක්ත කොස්තාපල්වරයෙකු ද අත්අඩංගුවට ගැනුණා.

සැකකාරඑම පොලිස් කොස්තාපල්වරයා මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
6
+1
0
+1
0
+1
1
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලංකා ගුරු සංගමයේ සභාපති ගිය මෝටර් රථය මහමඟ උඩුයටිකුරු වෙයි
01:36
Video thumbnail
ඩොලර් ලක්ෂ 25 ගැන ඉල්ලූ පාර්ලිමේන්තු විවාදය රජය ප්‍රතික්ෂේප කළා..ඇයි මේක අකැපද ? තහනම්ද ?
03:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.04.28
01:06:11
Video thumbnail
එජාපය මැයි 01 එන්නේ නැති එක ගැන මුජිබුර් කියයි..ඔතන පොඩි කොස්සක් තියෙනවනේ
04:38
Video thumbnail
ක්‍රිකට් අතුරුපාලක කමිටුවේ සභාපති තනතුරට ඉරාන් පත්වෙයිද ?එතුමට ක්‍රිකට් පිළිබඳ දැනුමක් තියෙනවා
03:33
Video thumbnail
අපිට අහන්න තියෙන්නේ ඕස්ට්‍රේලියාවේ තියෙන සල්ලි ගේන්නේ නැද්දෝ ? l Mujibur Rahman
02:30
Video thumbnail
සූගීෂ්වර ඇතුළු සෙට් එකට දුන් අසූචි ප්‍රහාරය ගැන මුජිබුර්ට යකා නගියි..මීට වඩා දරදඬු වෙන්න පුළුවන්
02:51
Video thumbnail
අපේ එකාව බේරගන්න ගියොත් විහිළු කාරයෝ වෙනවා..පිටුපස නිල් කොළ දේශපාලන හැකර්ලා ඉන්නවා ?
03:49
Video thumbnail
මුදල් ලේකම් පත් කිරීමම වැරදියි..මේක දේශපාලන පත්වීමක් - විපක්ෂයේ ඉන්නකොට මෙහෙම නෙවෙයි කිව්වේ
07:02
Video thumbnail
Praharaya | සමගි ජන බලවේගයේ පා.ම මුජිබුර් රහුමාන් සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:18:22