අලිමංකඩ ලුණු නිෂ්පාදනාගාරය ඇමති හඳුන් අතින් විවෘත වෙයි (ඡායාරූප)

අලිමංකඩ ලුණු කර්මාන්තශාලාවේ නව මේස ලුණු නිෂ්පාදනාගාරය අද (29) විවෘත කෙරුණා.

ඒ, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්තිගේ ප්‍රධානත්වයෙන්.

අද දිනයේ විවෘත කළ මෙම කර්මාන්ත ශාලාවෙන් පැයකට ලුණු මෙට්ට්‍රික් ටොන් 05ක් නිෂ්පාදනය කිරීමේ හැකියාව පවතිනවා.

මෙම කර්මාන්ත ශාලාවේ නිෂ්පාදනය කෙරෙන අයඩීන් මිශ්‍ර ලුණු ”රජ ලුණු” යන නමින් කිලෝග්‍රෑම් 01 සහ ග්‍රෑම් 400 මේස ලුණු පැකට් අඩුම මිලක් යටතේ ඉදිරියේ දී පාරිභෝගික ජනතාවට ලබාගැනීමට හැකියාව පවතිනවා.

අලිමංකඩ ලුණු ලේවායෙන් නිෂ්පාදිත ලුණු ඉතා ඉහළ ගුණාත්මක බවින් යුක්ත වනවා.

අලිමංකඩ ලුණු ලේවාය 2001 වර්ෂයේදී ලුණු සමාගම යටතට පත් වුවත් පැවති යුද්ධය හේතුවෙන් එහි නිෂ්පාදන කටයුතු සිදුකිරීමට හැකියාව ලැබුනේ නැහැ.

2024 වර්ෂයේදී ලුණු මේට්ට්‍රික් ටොන් 13,800ක ප්‍රමාණයක් නිෂ්පාදනය කර ඇති අලිමංකඩ ලේවායේ 2025 වර්ෂය තුළ ලුණු මෙට්ට්‍රික් ටොන් 20,000ක ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීම ඉලක්කය වී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජොන්ස්ටන් එළියට ඇවිත් ආණ්ඩුවට කිව්ව දේ - "ආණ්ඩුවේ එකම නිව්ස් එක රිමාන්ඩ් කිරීම"
03:27
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක් - "බුදු සරණයි ගම්බාර අප්පච්චිට බාරයි"
01:13
Video thumbnail
ගලබොඩ අත්තේ හිමි නිදහස් කර ගන්න පෙත්සම් ගහද්දි මනුස්සයෙක් යකා නටයි - "ඥාණසාර හිමි හිරේ යන්න ඕනි"
02:42
Video thumbnail
ඔයාගේ ගායනයට තහංචි දාන්න බෑ - මල්ලි ඔයත් එන්තර වාසියක් යවන්න..ගායනයට තහංචි දාන්න බෑ
06:06
Video thumbnail
මගේ සිංදු ඕනි කෙනෙක් කියන්න..යද්දි පෙට්ටිය කොනේ තියන් යන්නේ නෑ මම
05:44
Video thumbnail
නාමල් රාජපක්ෂ ඇපමත මුදා හරියි - විදෙස් ගමන් තහනම් කරයි
00:43
Video thumbnail
රනිල්ගේ නඩුව කල්‍ යයි..බිරිඳ එක්ක රනිල් පිටව ගිය හැටි - "ජනතාවගේ ජීවිත බේරගත්ත අලියා"
01:50
Video thumbnail
නාමල් සහ රනිල් වෙනුවෙන් අධිකරණයට ආ පාක්ෂිකයෝ - චානක, ජොන්ස්ටන් ඇතුළු සෙට් එකක්
01:38
Video thumbnail
දැඩි ආරක්ෂාව මැද නාමල් රාජපක්ෂ කොටුව අධිකරණයට - කට්ටියට අතත් වනාගෙන යන්නේ
00:50
Video thumbnail
රනිල් වික්‍රමසිංහ සෙනඟ එක්ක කොටුව අධිකරණයට එයි - "අපේ නායකතුමාට ජයවේවා..!"
01:59