අල්ලස් ගත් රාජ්‍ය නිලධාරිණිය රිමාන්ඩ්

කුරුණෑගල ප්‍රදේශයේ ඉඩමක් වෙනුවෙන් රජයට ගෙවිය යුතුව තිබූ රුපියල් 240,000ක හිඟ මුද්දර ගාස්තුව රුපියල් ලක්ෂය දක්වා අඩුකරදීම සඳහා පුද්ගලයකුගෙන් රුපියල් 50,000ක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගත් බව කියන වයඹ පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ තක්සේරු නිලධාරිනියක් අප්‍රේල් මස 01 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය ඊයේ (23) නියෝග කළා.

කුරුණෑගල ප්‍රදේශයේ පුද්ගලයෙක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම වෙත කරන ලද පැමිණිල්ලක් අනුව සැකකාර නිලධාරිනිය අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණා.

පැමිණිලිකාර පුද්ගලයා 2022 වර්ෂයේ දී කුරුණෑගල ප්‍රදේශයෙන් ඉඩමක් මිලදීගෙන ඇති බවත් ඒ අනුව 2025 දක්වා කාලයට අදාළ ව රුපියල් දෙලක්ෂ හතලිස් දහසක හිඟ මුද්දර ගාස්තුවක් රජයට ගෙවීමට තිබී ඇති බව ද විමර්ශන නිලධාරිහු අධිකරණයට දැන්වූවා.

එම හිඟ මුද්දර ගාස්තු මුදල රජයට ගෙවිය යුතු බව සඳහන් කරමින් වයඹ පළාත් ආදායම් දෙපාර්තමේන්තුව මගින් පැමිණිලිකාර පුද්ගලයාට ලිඛිතව කළ දැනුම් දීමක් අනුව ඔහු එම දෙපාර්තමේන්තුව වෙත ගොස් ඇති බවත් එසේ ගිය අවස්ථාවකදී සැකකාර කාන්තාව එම හිඟ මුද්දර ගාස්තුව රුපියල් අසූ දහස දක්වා අඩුකර දිය හැකි බවත් ඒ වෙනුවෙන් තමන්ට රුපියල් පනස්දහසකක මුදලක් ලබාදෙන ලෙසට ඇය පැමිණිලිකරුගෙන් ඉල්ලා ඇති බව ද එම නිලධාරීන් අධිකරණයට දැක්වූ කරුණුවලින් හෙළි වූ බවයි වාර්තාවන්නේ.

තම ස්වාමිපුරුෂයාගේ රූප ස්වභාවය ද පැමිණිලිකරුගේ රුව හා සමාන බැවින් තමන්ට රුපියල් පනස්දහසක මුදලක් පමණක් ලබාදෙන ලෙසත් එය කාර්යාලයේ මේසය මත තිබෙන පොතක් ඇතුළට දමන ලෙසට සැකකාර කාන්තාව පැමිණිලිකරුට දන්නා ඇති බව ද විමර්ශන නිලධාරීහු අධිකරණයට දැනුම්දුන්නා.

ඒ අනුව පැමිණිකාර පුද්ගලයා අදාළ මුදල සැකකාරිය දැනුම් දුන් ස්ථානයේ තබා ඇති බවත් එසේ තබන ලද මුදල සැකකාර කාන්තාව ලබා ගත් අවස්ථාවේ දී උපාය දූතයන් වශයෙන් කටයුතු කළ විමර්ශන නිලධාරීන් ඇය අත්අඩංගුවට ගෙන ඇති බව ද පැමිණිල්ල මෙහෙය වූ විමර්ශන නිලධාරීහු අධිකරණය හමුවේ පැවසුවා.

  1. පවු අර නිලදාරිනියට, පොත ඇතුලෙ දාල තිබුනම ඒක කාගෙද මොනවද කියල බලන්න අතට ගන්නැතුව බෝම්බයක් දැක්ක වගේ කෑගහන්ඩද?



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14