කෝච්චි පෙට්ටියක චිත්‍ර ඇන්ද විදෙස් ජාතිකයින් දෙදෙනෙක් මාතර දී අල්ලයි

දුම්රිය මැදිරියක පිටත බදෙහි තීන්ත යොදාගෙන චිත්‍ර ඇඳි විදෙස් ජාතිකයින් දෙදෙනෙක් මාතර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම විදෙස් ජාතිකයින් දෙදෙනා මාතර දුම්රිය ස්ථානයේ නවතා තිබූ දුම්රිය මැදිරියක මෙලෙස චිත්‍ර ඇඳ ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 32 හැවිරිදි රුසියානු ජාතිකයින් දෙදෙනෙක්.

දුම්රිය ස්ථානාධිපතිගෙන් ලද පැමිණිල්ලක් මත මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

    • ටුවරිසම් දියුනු කිරීමට මේක හොඳ අදහසක්…රජය එම විදේශිකයන්ට සස්තූතිවන්ත විය යුතුයි

  1. මෙවා තමයි විය යුත්‍ර්තෙ.කොච්චර ලස්සන මෙවගෙ කොචිචි ඔක්කොගෙම චිත්‍ර අන්දනම්.