ආසියානු පැසිෆික් සවි එසවීමේ ශූරතාවලියේ රන්සිළු ජයතිලකට රන් පදක්කමක්

2025 ආසියානු පැසිෆික් සවි එසවීමේ ශූරතාවලියේ කිලෝග්‍රෑම් 120 බර පන්තියේ රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ රන්සිළු ජයතිලක සමත් වුණා.

ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර පැවැත්වෙන මෙම තරගාවලියේ දී ඔහු මෙම දස්කම දැක්වීමට සමත් වුණා.

රන්සිළු ජයතිලක මෙම ශූරතාවලියේ දී රන් පදක්කම දිනාගත් තුන්වන අවස්ථාව මෙයවීම ද විශේෂත්වයක්.

මීට පෙර ලෝක ශූරතා සවි එසවීමේ තරගාවලියේ මෙම ඉසව්වේ රිදී පදක්කම ජයග්‍රහණය කර සිටි ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයා පරාජය කරමින් රන්සිළු ජයතිලක අද මෙම රන් පදක්කම ජයග්‍රහණය කළා.

ඕස්ට්‍රේලියාව, ටොංගා සහ සැමෝවා යන රටවලින් ද ක්‍රිඩකයින් මෙම තරගාවලියට එක්ව සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෝටර් රථයක් මෝහිණී ඇල්ලට පෙරලී සිදුවූ බිහිසුණු අනතුර
00:52
Video thumbnail
ශෂී වීරවංශ ඇප අරගෙන අධිකරණයෙන් ගිය හැටි
00:43
Video thumbnail
ශෂී වීරවංශ ඇප අරගෙන අධිකරණයෙන් ගිය හැටි - මූණත් වහගෙන යන විදිය
01:00
Video thumbnail
ආණ්ඩුවට ඇපත් නැතිවෙන ප්‍රතිඵලයක් ලැබෙන්නේ - මාලිමාවට ඡන්දය දුන්න ගොඩක් අය පොහොට්ටුව පැත්තට එනවා
04:36
Video thumbnail
අපරාධකාරයෝ සාටකේ දාගෙන සුදනෝ වගේ කතාකරනවා
08:48
Video thumbnail
22වන සංශෝධනයට පොහොට්ටුව සම්පූර්ණයෙන් විරුද්ධයි - රටේ වෙන ප්‍රශ්න නැද්ද ?
06:43
Video thumbnail
මේ කහින්නේ නැතිව ඉන්නවා හලෝ..පයිත්තියන් ඩොක්ටර්...
00:21
Video thumbnail
නාමල්ගේ මේ පයිත්තියන් ඩොක්ටර්ට කියන්න සද්දේ නැතිව ඉන්න කියලා
01:15
Video thumbnail
අර්චුනා නැගිටලා මහින්දට දැම්ම සැර සත්තම - "කොණ්ද පණ තියෙනවනම් නවත්තලා කියන්න"
00:28
Video thumbnail
පයිත්තියම් ඩොක්ටර් - හෝව් හෝව් නාමල් දුවන්න එපා
00:48