සැමියා දැක දුරකථන ඇමතුමක් විසන්ධිකළ බිරිඳගේ හිසට මන්නා පහරක්

පානදුර, දකුණ පොලිස් වසමේ, උයන්කැලේ පාර,දොඹගහවත්ත ප්‍රදේශයේදී ඊයේ (08) රාත්‍රීයේ සැමියා විසින් ඔහුගේ බිරිඳගේ හිසට මන්නයකින් පහරදී තුවාල සිදුකොට රෝහල් ගත කර ඇතැයි පානදුර දකුණ පොලිසිය පවසනවා.

මෙසේ රෝහල් ගත කර ඇත්තේ, 47 හැවිරිදි දෙදරු මවකි.

ස්වාමියා එම නිවසේ ඉදිරිපස ආලින්ද කොටසේ සිට ඇති අතර ඔහුගේ බිරිඳ ඊට යාබද කාමරයේ දුරකථන ඇමතුමක රැඳී සිට තිබෙනවා.

එහිදී ස්වාමියා විසින් බිරිඳ සිටි කාමරයේ එකවරම විදුලි පහන් දල්වා ඇති අතර, එවිට ඔහු දැක ඇත්තේ ඔහුගේ බිරිඳ රැඳී සිටි දුරකථන ඇමතුම එකවරම විසන්ධි කර ඇති ආකාරයයි.

මෙම සිද්ධිය දුටු ස්වාමියා එකවරම මුළුතැන්ගෙට ගොස් එහි තිබූ මන්නයක් රැගෙන විත්, කාමරයේ ඇඳ මත වාඩි වී සිටි බිරිඳගේ හිසට එකවරම මන්නා පහරක් එල්ල කොට තිබෙනවා.

එම මන්නාපිහි පහරින් බිරිඳගේ හිසට මෙන්ම බෙල්ලට තුවාල සිදුව ඇති අතර හිසට වැඳුණු මන්නාපිහි පහර නිසා අධික ලේ ගැල්මත් සමඟම ඇය නිවසින් පිටතට දිව අසල තිබූ නිවසකට ගොස් ඇති බව සඳහන්.

අනතුරුව ප්‍රදේශවාසීන් එක්ව එම කාන්තාව පානදුර මූලික රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර ඇති අතර මේ වනවිට හිසට ඇතිවූ බරපතල තුවාල තත්ත්වයෙන් එම කාන්තාව පානදුර මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

ඉන්පසුව පානදුර දකුණ පොලිසියට ලද නිර්නාමික දුරකථන ඇමතුමකට ක්‍රියාත්මක වූ පොලිසිය මෙම පහරදීම සිදුකළ 56 හැවිරිදි සැකකරු දොඹගහවත්ත පාර ප්‍රදේශයේ රැඳී සිටියදී තම බිරිඳට පහර දුන් මන්නා පිහිය ද සමඟ පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පානදුර දකුණ පොලිසිය ප්‍රකාශ කරන්නේ, මෙම අඹුසැමි යුවළ අතර කාලයක් තිස්සේ මෙසේ ආරවුල් පැවති බවත් මෙය එම ආරවුල් දුරදිග යාම නිසා ඇති වූ පහර දීමක් බවයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පානදුර දකුණ පොලිසිය පානදුර කොට්ඨාස අපරාධ ස්ථාන පරික්ෂණ නිලධාරීන් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
4
+1
7
+1
1
+1
2
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා" අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07
Video thumbnail
කිසිම ආණ්ඩුවක් කරපු නැති දෙයක් අපි කළා
05:38
Video thumbnail
ඉපලෝගම OICගේ සිද්ධියේ හඬ පටයක් ලීක් වෙයි ?..මාලිමා මන්ත්‍රී OICගේ Drinking Partner ?
13:28


?