සැමියාට හොරෙන් නොමේරූ ළඳරු කළලයක් විනාශ කළ බිරිඳට වැඩ වරදියි

සිය සැමියාට නොදන්වා සති 4ට වැඩි නොමේරූ ළදරු කළලයක් නීත්‍යානුකූල නොවන ආකාරයෙන් කොළඹ ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක් තුළ දී විනාශ කරවාගත් බව කියන සැකකාර බිරිඳ ඇතුළු සියලු සැකකරුවන් වහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා අද (10) නියෝග කළා.

කොළඹ 14 මාදම්පිටිය ප්‍රදේශයේ පදිංචි සිසිර සම්පත් නමැති අයෙකු දෙමටගොඩ පොලිසියට කරන ලද පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය එම නියෝගය නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.

සැකකාර පුද්ගලයා වෙනුවෙන් නීතිඥ නාලක ජයසිංහ මහතා අධිකරණය හමුවේ පෙනී සිටිමින් කියා සිටියේ සැකකාර කාන්තාව පැමිණිලිකරු හා විවාහවීමට පෙර විවාහයක් කරගෙන ඇති බවත් එම විවාහයෙන් ඇයට දරුවෙක් ද සිට ඇති බවත් ය.

එම විවාහයෙන් දික්කසාද වූ බවට අසත්‍ය තොරතුරු ලබාදෙමින් සැකකාර කාන්තාව පැමිණිලිකරු සමග විවාහ වී ඇති බවත් ඒ අනුව පෙර විවාහයේ දරුවා ද සමග ඔවුන් නාරාහෙන්පිට ප්‍රදේශයේ පදිංචිව සිට ඇති බව ද නීතිඥවරයා අධිකරණයට දැන්වූවා.

එම කාලය අතරතුර සැකකාර කාන්තාව ගැබ් ගෙන ඇති නමුත් පැමිණිලිකාර සැමියා ඒ බවක් නොදැන සිට ඇති බව ද නීතිඥවරයා අධිකරණයට දැක්වූ කරුණුවලින් හෙළි ව තිබෙනවා.

ගැබ් ගෙන ඇති කාලය තුළ ඇය සිය සැමියා සමග නිරන්තරයෙන් ගැටුම් ඇති කරගෙන ඇති බවත් පැමිණිලිකාර සැමියාව නිවසින් එළවා දමා සිය නොමේරූ ළදරු කළලය ගබ්සා කර ගැනීමේ අරමුණින් ඇය එම ගැටුම් ඇති කරගෙන ඇති බවට පැමිණිලිකරු සිය පැමිණිල්ල මගින් පොලිසිය වෙත දන්වා ඇති බව ද නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියා.

සැකකාර කාන්තාව පැමිණිලිකාර සැමියාට නොදන්වා සති 7 යි දින 4ක නොමේරූ ළදරු කළලය විනාශ කරගෙන ඇති බවට පැමිණලිකාර සැමියාට කිසිවෙකුගෙන් දැනගැනීමට ලැබීමෙන් අනතුරුව ඔහු ඒ සම්බන්ධයෙන් දෙමටගොඩ පොලිසිය වෙත පැමිණිලි කර ඇති බව ද නීතිඥ නාලක ජයසිංහ මහතා අධිකරණය හමුවේ පැවසුවා.

නොමේරූ ළදරු කළලයක් නීත්‍යානුකූල නොවන ආකාරයෙන් විනාශ කර ගැනීම මිනීමැරුම් චෝදනාවලට ගෙනෙන ක්‍රියාවක් බැවින් එම සිද්ධියට සම්බන්ධ සැකකාර කාන්තාව හා එම ළදරු කළලය විනාශ කළ වෛද්‍යවරයා ඇතුළු සැකකරුවන්ට දඬුවම් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද නීතිඥවරයා සිය කරුණු දක්වමින් අධිකරණය හමුවේ වැඩිදුරටත් ප්‍රකාශ කළා.

එම ගබ්සා කර ගැනීම ඉකුත් 12 වැනි දින කොළඹ ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක් තුළ දී සිදුව ඇති බවත් සිද්ධියෙන් පසුව පැමිණිලිකාර සැමියා ඔවුන් පදිංචිව සිටි නාරාහේන්පිට නිවසෙන් ඉවත්ව කොළඹ මාදම්පිටිය ප්‍රදේශයේ නිවසක ජීවත්ව සිටින බව ද නීතිඥවරයා අධිකරණයට දැන්වූවා.

දෙමටගොඩ පොලිසිය හා සැකකාර පුද්ගලයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ දැක්වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සිද්ධිය සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් පවත්වා සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ද නියෝග කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
2
+1
1
+1
6
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37
Video thumbnail
මොඩියුලවල පිටු ග#වලා NPP සමරු පොතේ අලවගන්න..දණගාලා බඩගාලා එන්න කියන එක සාධාරණද ?
07:52
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා"
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39


?