සැමියාට හොරෙන් නොමේරූ ළඳරු කළලයක් විනාශ කළ බිරිඳට වැඩ වරදියි

සිය සැමියාට නොදන්වා සති 4ට වැඩි නොමේරූ ළදරු කළලයක් නීත්‍යානුකූල නොවන ආකාරයෙන් කොළඹ ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක් තුළ දී විනාශ කරවාගත් බව කියන සැකකාර බිරිඳ ඇතුළු සියලු සැකකරුවන් වහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා අද (10) නියෝග කළා.

කොළඹ 14 මාදම්පිටිය ප්‍රදේශයේ පදිංචි සිසිර සම්පත් නමැති අයෙකු දෙමටගොඩ පොලිසියට කරන ලද පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය එම නියෝගය නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.

සැකකාර පුද්ගලයා වෙනුවෙන් නීතිඥ නාලක ජයසිංහ මහතා අධිකරණය හමුවේ පෙනී සිටිමින් කියා සිටියේ සැකකාර කාන්තාව පැමිණිලිකරු හා විවාහවීමට පෙර විවාහයක් කරගෙන ඇති බවත් එම විවාහයෙන් ඇයට දරුවෙක් ද සිට ඇති බවත් ය.

එම විවාහයෙන් දික්කසාද වූ බවට අසත්‍ය තොරතුරු ලබාදෙමින් සැකකාර කාන්තාව පැමිණිලිකරු සමග විවාහ වී ඇති බවත් ඒ අනුව පෙර විවාහයේ දරුවා ද සමග ඔවුන් නාරාහෙන්පිට ප්‍රදේශයේ පදිංචිව සිට ඇති බව ද නීතිඥවරයා අධිකරණයට දැන්වූවා.

එම කාලය අතරතුර සැකකාර කාන්තාව ගැබ් ගෙන ඇති නමුත් පැමිණිලිකාර සැමියා ඒ බවක් නොදැන සිට ඇති බව ද නීතිඥවරයා අධිකරණයට දැක්වූ කරුණුවලින් හෙළි ව තිබෙනවා.

ගැබ් ගෙන ඇති කාලය තුළ ඇය සිය සැමියා සමග නිරන්තරයෙන් ගැටුම් ඇති කරගෙන ඇති බවත් පැමිණිලිකාර සැමියාව නිවසින් එළවා දමා සිය නොමේරූ ළදරු කළලය ගබ්සා කර ගැනීමේ අරමුණින් ඇය එම ගැටුම් ඇති කරගෙන ඇති බවට පැමිණිලිකරු සිය පැමිණිල්ල මගින් පොලිසිය වෙත දන්වා ඇති බව ද නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියා.

සැකකාර කාන්තාව පැමිණිලිකාර සැමියාට නොදන්වා සති 7 යි දින 4ක නොමේරූ ළදරු කළලය විනාශ කරගෙන ඇති බවට පැමිණලිකාර සැමියාට කිසිවෙකුගෙන් දැනගැනීමට ලැබීමෙන් අනතුරුව ඔහු ඒ සම්බන්ධයෙන් දෙමටගොඩ පොලිසිය වෙත පැමිණිලි කර ඇති බව ද නීතිඥ නාලක ජයසිංහ මහතා අධිකරණය හමුවේ පැවසුවා.

නොමේරූ ළදරු කළලයක් නීත්‍යානුකූල නොවන ආකාරයෙන් විනාශ කර ගැනීම මිනීමැරුම් චෝදනාවලට ගෙනෙන ක්‍රියාවක් බැවින් එම සිද්ධියට සම්බන්ධ සැකකාර කාන්තාව හා එම ළදරු කළලය විනාශ කළ වෛද්‍යවරයා ඇතුළු සැකකරුවන්ට දඬුවම් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද නීතිඥවරයා සිය කරුණු දක්වමින් අධිකරණය හමුවේ වැඩිදුරටත් ප්‍රකාශ කළා.

එම ගබ්සා කර ගැනීම ඉකුත් 12 වැනි දින කොළඹ ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක් තුළ දී සිදුව ඇති බවත් සිද්ධියෙන් පසුව පැමිණිලිකාර සැමියා ඔවුන් පදිංචිව සිටි නාරාහේන්පිට නිවසෙන් ඉවත්ව කොළඹ මාදම්පිටිය ප්‍රදේශයේ නිවසක ජීවත්ව සිටින බව ද නීතිඥවරයා අධිකරණයට දැන්වූවා.

දෙමටගොඩ පොලිසිය හා සැකකාර පුද්ගලයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ දැක්වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සිද්ධිය සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් පවත්වා සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ද නියෝග කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු නුවරඑළියම මීදුමෙන් වැසී යයි
01:26
Video thumbnail
මෛත්‍රීට බේරිලා යන්න දෙන්න බෑ - නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ
10:39
Video thumbnail
නාමල්ට එන චෝදනාවලට පොහොට්ටුවෙන් CIDට පැමිණිල්ලක් - "ආණ්ඩුව දන්නවා නාමල් මේක අතට ගන්නවා කියලා"
05:13
Video thumbnail
නුවරඑළිය ග්‍රෙගරි වැවේ බෝට්ටු පැදීම තහනම් කරයි
01:10
Video thumbnail
දයාසිරි, බිමල් පැටලෙයි - හිනාවෙන්න එපා, ගිහින් ඉගෙනගෙන එන්න
13:27
Video thumbnail
නලින්ද - සජිත්ට දුන්න සැර හින්ට් එක - සජිත් ප්‍රේමදාස නින්දෙන් ඇහැරුණා වගේ
02:42
Video thumbnail
නාය ගිය තැන බලන්න ආණ්ඩුවේ ප්‍රබලයෙක් දුවගෙන එයි
04:19
Video thumbnail
විනිසුරු විශ්‍රාම වයස ගැන මහා නාහිමියන් ආණ්ඩුවට කිව්ව දේ මෙන්න - "විරුද්ධ නෑ - සතුටු වුණා"
07:09
Video thumbnail
මහින්දගේ ලොකු පුතාටත් නඩු දාන්න කියන්නකෝ - එතකොට ඉවරයිනේ
00:45
Video thumbnail
පරිසරවේදින් හා සභාවේ සේවකයෙකු අතර උණුසුම් තත්ත්වයක් - "ගඟ බලන එකා මගේ අම්මට ###"
04:43