ඇලපාත පොලිස් වසමේ නිරිඇල්ල ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහර දී කාන්තාවක් ඝාතනය කර තිබෙනවා.
ඊයේ (10) උදෑසන අදාළ කාන්තාවගේ සැමියා විසින් මෙම අපරධය සිදුකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
මොවුන් අතර පැවති පවුල් ආරවුලක් හේතුවෙන් දෙදෙනා වෙන වෙනම නිවාස දෙකක වාසය කර ඇති බවයි පොලිසිය වැඩිදුරටත් පවසන්නේ.
ඊයේ (10) උදෑසන තම දරුවන්ගේ පොත්පත් රැගෙන ඒමට සැමියා පදිංචිව සිටි නිවසට ගිය අවස්ථාවේ මෙලෙස ඝාතනයට ලක්ව ඇති බවයි වාර්තා වුණේ.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 40ක නිරිඇල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි තැනැත්තියක්.
වයස අවුරුදු 43ක් වූ සැකකාර සැමියා පොලිසියට භාරවීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඇලපාත පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.




