AFC Banner
AFC Banner
Empty Ad

සැමියාගේ උදලු පහරින් තරුණ බිරිඳ ජීවිතක්ෂයට (ඡායාරූප)

හිඟුරක්ගොඩ, යුධගනාව ප්‍රදේශයේ දී 27 හැවිරිදි තරුණ කාන්තාවක් උදැල්ලකින් පහර දී ඝාතනය කර තිබෙනවා.

ඊයේ (29) පස්වරුවේ මෙම ඝාතනය සිදුකර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

අදාළ කාන්තාවගේ සැමියා විසින් මෙම ඝාතනය සිදුකර ඇති අතර, අපරාධය සිදු කිරීමෙන් පසු ඔහු මැදිරිගිරිය ප්‍රාදේශයේ සැඟව සිටිය දී හිඟුරක්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඝාතනයට ලක්වූ කාන්තාව දෙදරු මවක් වන අතර, මෙම පහරදීමෙන් ඇයගේ මාස එකහමාරක් වයසැති දරුවා ද තුවාල ලබා ඇති බවයි වාර්තා වුණේ.

දරුවා මැදිරිගිරිය මූලික රෝහලේ මේ වනවිට ප්‍රතිකාර ලබන අතර, මියගිය කාන්තාවගේ පියාට ද කාන්තාවට පහර දුන් උදැල්ලෙන්ම පහරදීම හේතුවෙන් බරපතළ තත්ත්වයෙන් මැදිරිගිරිය මූලික රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර තිබුණා.

කෙසේ වෙතත් ඔහුව වැඩිදුර ප්‍රතිකාර සඳහා පොළොන්නරුව මහ රෝහල වෙත මාරු කර යවා තිබෙනවා.

මුදල් අස්ථානගතවීමක් සම්බන්ධයෙන් සැමියා සහ බිරිඳ අතර, ඇති වූ ආරවුලක් මත මෙම ඝාතනය සිදුකර ඇති බවටයි තොරතුරු වාර්තා වුණේ.

හිඟුරක්ගොඩ වැඩබලන මහේස්ත්‍රාත්වරයා විසින් මෙම ඝාතනය සම්බන්ධයෙන් ස්ථානීය පරීක්ෂාව සිදුකර ඇති අතර, හිඟුරක්ගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.

WhatsApp Image 2023 10 30 at 8.52.14 AM
WhatsApp Image 2023 10 30 at 8.52.14 AM
WhatsApp Image 2023 10 30 at 8.52.14 AM
WhatsApp Image 2023 10 30 at 8.52.14 AM
WhatsApp Image 2023 10 30 at 8.52.14 AM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
7
+1
0
+1
1
+1
11
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අලි වැදෙන හැටි බලන්න කෝච්චියේ ගිය ඇමති - රැස්වීමත් උණුසුම් - නිලධාරීන්ට තද වෙයි
Video thumbnail
නවසීලන්තයට යන්න කළින් අපේ කෙල්ලෝ කියපු මොරාල් කතාව
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
02:47:52
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:27:01
Video thumbnail
දයාසිරි මේ වගේ කතාවක් කරයි කියලා හිතුවද ?
10:00
Video thumbnail
තනියම ඩයස්පෝරාවට සද්දේ දැමු මේජර් ජනරාල් සම්මානයක් දිනාගනී
02:02
Video thumbnail
කළුතර සිංහයා රෝහිත ගමකට කන්න දෙයි
04:37
Video thumbnail
මෙයාලගේ ගොඩාක් තියෙන්නේ බොරුව...
05:22
Video thumbnail
මේ පාතාල කේස් ඔක්කොම කළින් ආණ්ඩුවල වැරදි - මාලිමා මන්ත්‍රී කියයි
06:58
Video thumbnail
ටියුෂන් දෙන්නම් කියපු මනුස්සයා වහාම ඉල්ලා අස් වෙන්න ඕන
04:41

?