සැමියාගේ උදලු පහරින් තරුණ බිරිඳ ජීවිතක්ෂයට (ඡායාරූප)

හිඟුරක්ගොඩ, යුධගනාව ප්‍රදේශයේ දී 27 හැවිරිදි තරුණ කාන්තාවක් උදැල්ලකින් පහර දී ඝාතනය කර තිබෙනවා.

ඊයේ (29) පස්වරුවේ මෙම ඝාතනය සිදුකර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

අදාළ කාන්තාවගේ සැමියා විසින් මෙම ඝාතනය සිදුකර ඇති අතර, අපරාධය සිදු කිරීමෙන් පසු ඔහු මැදිරිගිරිය ප්‍රාදේශයේ සැඟව සිටිය දී හිඟුරක්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඝාතනයට ලක්වූ කාන්තාව දෙදරු මවක් වන අතර, මෙම පහරදීමෙන් ඇයගේ මාස එකහමාරක් වයසැති දරුවා ද තුවාල ලබා ඇති බවයි වාර්තා වුණේ.

දරුවා මැදිරිගිරිය මූලික රෝහලේ මේ වනවිට ප්‍රතිකාර ලබන අතර, මියගිය කාන්තාවගේ පියාට ද කාන්තාවට පහර දුන් උදැල්ලෙන්ම පහරදීම හේතුවෙන් බරපතළ තත්ත්වයෙන් මැදිරිගිරිය මූලික රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර තිබුණා.

කෙසේ වෙතත් ඔහුව වැඩිදුර ප්‍රතිකාර සඳහා පොළොන්නරුව මහ රෝහල වෙත මාරු කර යවා තිබෙනවා.

මුදල් අස්ථානගතවීමක් සම්බන්ධයෙන් සැමියා සහ බිරිඳ අතර, ඇති වූ ආරවුලක් මත මෙම ඝාතනය සිදුකර ඇති බවටයි තොරතුරු වාර්තා වුණේ.

හිඟුරක්ගොඩ වැඩබලන මහේස්ත්‍රාත්වරයා විසින් මෙම ඝාතනය සම්බන්ධයෙන් ස්ථානීය පරීක්ෂාව සිදුකර ඇති අතර, හිඟුරක්ගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.

WhatsApp Image 2023 10 30 at 8.52.14 AM
WhatsApp Image 2023 10 30 at 8.52.14 AM
WhatsApp Image 2023 10 30 at 8.52.14 AM
WhatsApp Image 2023 10 30 at 8.52.14 AM
WhatsApp Image 2023 10 30 at 8.52.14 AM


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08
Video thumbnail
අර්චුනා එක්ක පොහොට්ටුවටත් වැඩ වරදියි?
03:43
Video thumbnail
හබරාදූව ප්‍රා. සභාව එකම කාලගෝට්ටියක් - සජබ මන්ත්‍රීලා මේස උඩ නැගලා යකා නටයි
03:54
Video thumbnail
අපි මහින්දව රෝද පුටුවකින් ගෙනල්ලා හරි ජනතාවට පෙන්නනවා
11:04
Video thumbnail
රවී සහ ශානිගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්
01:48
Video thumbnail
නයි මුගටි පොළොංගුත් එක්ක දැන් කොටීත් එක කොටේට ගොඩවෙනවා
02:09
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
01:25
Video thumbnail
අර්චුනා රටේ ජනතාවට හොඳ උත්තරයක් දුන්නා
10:27
Video thumbnail
22 මහ පාරේ පරද්දන්න අපි ලෑස්තියි
11:28
Video thumbnail
JVP කියන්නේ මේ ව්‍යවස්ථා සෙල්ලම් නිසා සල්ලම් වුණ ව්‍යාපාරයක් - ඔය ඔක්කොම සෙල්ලම් ව්‍යවස්ථා සෙල්ලම්
13:37