සැඟවූ අධි බලැති යතුරුපැදි පොලිස් භාරයට

රුපියල් කෝටි 7ක් පමණ වටිනා අධිබලැති යතුරුපැදි 8ක් සමඟ ව්‍යාපාරිකයකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයට අනියුක්ත ගල්කිස්ස කොට්ඨාසයේ විශේෂ මෙහෙයුම් කණ්ඩායමට ලද තොරතුරකට අනුවයි වැටලීම සිදුකර ඇත්තේ.

සැකකරු බොරලැස්ගමුව විද්‍යාල පාරේ ඔහුට අයත් ආයතනයක් තුළ කාමරයක රහසිගත ලෙස මෙම යතුරු පැදි සඟවා තිබූ බව සඳහන්.

පොලිස් භාරයට ගත් යතුරු පැදි 6ක් ලියාපදිංචි කළ ඒවා බවට හැඟවෙන ලිපි ලේඛන ඉදිරිපත් කර ඇති අතර අනෙක් යතුරුපැදි දෙකට කිසිදු ලිපි ලේඛනයක් නොමැති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

මෙම යතුරුපැදිවල කොටස් තීරුබදු රහිතව හොර රහසේ ආනයනය කර එකලස් කළ ඒවා බවටයි සැක කෙරෙන්නේ.

පොලිස් භාරයට ගත් යතුරුපැදි හා සැකකාර ව්‍යාපාරිකයා ඉදිරිපත් කළ ලිපි ලේඛන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ මෝටර් රථ පරීක්ෂකවරුන් සහ රජයේ රස පරීක්ෂක වෙත ඉදිරිපත් කර වැඩිදුර විමර්ශන සිදු කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21