සැකකරු සමඟ ඇල්ලූ ඇත්දළ යුගලයකට පාර්ශ්ව දෙකක් හිමිකම් කියයි (ඡායාරූප)

සැකකරුවෙකු සමඟ පොලිස් භාරයට ගත් ඇත්දළ යුගලයකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සහ වලව් පාර්ශ්වයක පුද්ගලයකු හිමිකම් කීමට ඉදිරිපත් ව ඇතැයි පානදුර වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය පවසනවා.

පසුගිය 15 වනදා මාතර – පිටබැද්දර ප්‍රදේශයේ දී සැකකරුවකු සමඟ මෙම ඇත්දළ යුගලය පොලිස් භාරයට ගෙන තිබුණා.

ඒ, එම ඇත්දළ යුගලය ලක්ෂ පනහකට මිලකට අලෙවි කිරීමට සූදානමින් සිටියදීයි.

මෙම අත්අඩංගුවට ගැනීම සහ ඇත් දළ යුගලය සම්බන්ධයෙන් මාධ්‍ය මඟින් ප්‍රසිද්ධියක් ලබාදීමත් සමඟ, පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ සහ අකුරැස්ස දිගල වලව් පරම්පරාවේ සාමාජිකයෙකු වන නිහාල් පෙරේරා යන අය පානදුර වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය වෙත ප්‍රකාශ ලබා දෙමින් ඇත්දළ යුගලය ට අයිතිවාසිකම් කීමට මේ වනවිට ඉදිරිපත් ඉදිරිපත්ව ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය මැයි 09 වනදා සිය නිවසට පහර දී ගිනි තැබූ අවස්ථාවේ දී කොල්ල කන ලද දේපල අතර තිබූ ඇත් දළ යුගලය තිබූ බවයි මන්ත්‍රීවරයා පවසා ඇත්තේ.

වසර කීපයකට ඉහත ඥාතියෙකු විදේශගතවන අවස්ථාවේ දී ඇත්දළ යුගලය තමන් වෙත ලබාදුන් බවත්, පොලිසිය විසින් සොයාගත් ඇත්දළ නැති වූ ඇත්දළ යුගලය බවට සැකකරන බවයි ගාමිණී ලොකුගේ මන්ත්‍රීවරයා ලබාදුන් ප්‍රකාශයක සඳහන්ව ඇත්තේ.

එමෙන්ම අකුරැස්ස දීගල වලව්වට හිමිකම් කියන පාර්ශවයේ සමීප ඥාතියෙකු භාරයේ මෙම ඇත් දළ යුගලය තිබූ බවත්, එහිදී එය අස්ථානගත වූ බවත්, එලෙස අස්ථාන ගත වූ ඇත් දළ යුගලය මෙය බවට සැක කරන බවත් එම වලව් පාර්ශවයේ පුද්ගලයකු වන නිහාල් පෙරේරා පොලිසියට ප්‍රකාශ කර තිබෙනවා.

ඇත්දළ යුගලය සම්බන්ධයෙන් දෙපාර්ශවය සිදුකළ ප්‍රකාශ හෙට (27) දින මොරවක අධිකරණය වෙත වාර්තා කර එහිදී එම පාර්ශවයන් දෙක ද අධිකරණයේ පෙනී සිටීමට නියමිතව බවයි වාර්තා වුණේ.

පානදුර වලාන දූෂණ මර්ධන ප්‍රහාරක බලකායේ කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනු ලබනවා.

WhatsApp Image 2023 02 26 at 2.03.43 PM
WhatsApp Image 2023 02 26 at 2.03.42 PM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21