spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සැකකරු සමඟ ඇල්ලූ ඇත්දළ යුගලයකට පාර්ශ්ව දෙකක් හිමිකම් කියයි (ඡායාරූප)

සැකකරුවෙකු සමඟ පොලිස් භාරයට ගත් ඇත්දළ යුගලයකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සහ වලව් පාර්ශ්වයක පුද්ගලයකු හිමිකම් කීමට ඉදිරිපත් ව ඇතැයි පානදුර වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය පවසනවා.

පසුගිය 15 වනදා මාතර – පිටබැද්දර ප්‍රදේශයේ දී සැකකරුවකු සමඟ මෙම ඇත්දළ යුගලය පොලිස් භාරයට ගෙන තිබුණා.

ඒ, එම ඇත්දළ යුගලය ලක්ෂ පනහකට මිලකට අලෙවි කිරීමට සූදානමින් සිටියදීයි.

මෙම අත්අඩංගුවට ගැනීම සහ ඇත් දළ යුගලය සම්බන්ධයෙන් මාධ්‍ය මඟින් ප්‍රසිද්ධියක් ලබාදීමත් සමඟ, පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ සහ අකුරැස්ස දිගල වලව් පරම්පරාවේ සාමාජිකයෙකු වන නිහාල් පෙරේරා යන අය පානදුර වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය වෙත ප්‍රකාශ ලබා දෙමින් ඇත්දළ යුගලය ට අයිතිවාසිකම් කීමට මේ වනවිට ඉදිරිපත් ඉදිරිපත්ව ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය මැයි 09 වනදා සිය නිවසට පහර දී ගිනි තැබූ අවස්ථාවේ දී කොල්ල කන ලද දේපල අතර තිබූ ඇත් දළ යුගලය තිබූ බවයි මන්ත්‍රීවරයා පවසා ඇත්තේ.

වසර කීපයකට ඉහත ඥාතියෙකු විදේශගතවන අවස්ථාවේ දී ඇත්දළ යුගලය තමන් වෙත ලබාදුන් බවත්, පොලිසිය විසින් සොයාගත් ඇත්දළ නැති වූ ඇත්දළ යුගලය බවට සැකකරන බවයි ගාමිණී ලොකුගේ මන්ත්‍රීවරයා ලබාදුන් ප්‍රකාශයක සඳහන්ව ඇත්තේ.

එමෙන්ම අකුරැස්ස දීගල වලව්වට හිමිකම් කියන පාර්ශවයේ සමීප ඥාතියෙකු භාරයේ මෙම ඇත් දළ යුගලය තිබූ බවත්, එහිදී එය අස්ථානගත වූ බවත්, එලෙස අස්ථාන ගත වූ ඇත් දළ යුගලය මෙය බවට සැක කරන බවත් එම වලව් පාර්ශවයේ පුද්ගලයකු වන නිහාල් පෙරේරා පොලිසියට ප්‍රකාශ කර තිබෙනවා.

ඇත්දළ යුගලය සම්බන්ධයෙන් දෙපාර්ශවය සිදුකළ ප්‍රකාශ හෙට (27) දින මොරවක අධිකරණය වෙත වාර්තා කර එහිදී එම පාර්ශවයන් දෙක ද අධිකරණයේ පෙනී සිටීමට නියමිතව බවයි වාර්තා වුණේ.

පානදුර වලාන දූෂණ මර්ධන ප්‍රහාරක බලකායේ කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනු ලබනවා.

WhatsApp Image 2023 02 26 at 2.03.43 PM
WhatsApp Image 2023 02 26 at 2.03.42 PM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?