සා.පෙළ විභාගය හෙට – අපේක්ෂකයින්ට විශේෂ දැනුම්දීම් කිහිපයක්

මාස තුනක ප්‍රමාදයකින් පසු 2024 අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය හෙට (17) ආරම්භ වනවා.

මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අපේක්ෂකයින් 474,147 අයදුම් කර ඇති බවයි අද (16) පැවැති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර සඳහන් කළේ.

එම අයදුම්කරුවන්ගෙන් පාසල් අයදුම්කරුවන් 398,182ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 75, 968ක් සිටින බවයි විභාග කොමසාරිස්වරයා පැවසුවේ.

මේ අතර හෙට (17) දිනයේ සිට දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 3,663ක දී ආරම්භ වන විභාගය සඳහා කල් ඇතිව විභාග ශාලාව වෙත පැමිණෙන ලෙසත්; අනවශ ද්‍රව්‍ය විභාග ශාලාවට රැගෙන ඒමෙන් වළකින ලෙසත් විභාග අපේක්ෂකයිට දැනුම් දෙනවා.

යම් විභාග අපේක්ෂකයෙක් විභාග නීති උල්ලංඝනය කළ හොත් විභාග වරදක් ලෙස සළකා උපරිම විනය ක්‍රියාමාර්ග ගන්නා බවත්, වසර 05ක විභාග තහනමක් පැනවීමේ හැකියාව ඇති බව ද විභාග කොමසාරිස්වරයා මෙහිදී පවසා සිටියා.

මේ අතර දෙවන ප්‍රශ්න පත්‍රයට අමතර විනාඩි දහයක කාලයක් විභාග අපේක්ෂකයින් වෙනුවෙන් ලබා දී ඇති බවත් එම කාලය ප්‍රයෝජනයට ගන්නා ලෙසත් ඔහු මෙහිදී සියලුම විභාග අපේක්ෂකයින්ට දැනුම් දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10