සා.පෙළ විභාගය හෙට – අපේක්ෂකයින්ට විශේෂ දැනුම්දීම් කිහිපයක්

මාස තුනක ප්‍රමාදයකින් පසු 2024 අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය හෙට (17) ආරම්භ වනවා.

මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අපේක්ෂකයින් 474,147 අයදුම් කර ඇති බවයි අද (16) පැවැති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර සඳහන් කළේ.

එම අයදුම්කරුවන්ගෙන් පාසල් අයදුම්කරුවන් 398,182ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 75, 968ක් සිටින බවයි විභාග කොමසාරිස්වරයා පැවසුවේ.

මේ අතර හෙට (17) දිනයේ සිට දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 3,663ක දී ආරම්භ වන විභාගය සඳහා කල් ඇතිව විභාග ශාලාව වෙත පැමිණෙන ලෙසත්; අනවශ ද්‍රව්‍ය විභාග ශාලාවට රැගෙන ඒමෙන් වළකින ලෙසත් විභාග අපේක්ෂකයිට දැනුම් දෙනවා.

යම් විභාග අපේක්ෂකයෙක් විභාග නීති උල්ලංඝනය කළ හොත් විභාග වරදක් ලෙස සළකා උපරිම විනය ක්‍රියාමාර්ග ගන්නා බවත්, වසර 05ක විභාග තහනමක් පැනවීමේ හැකියාව ඇති බව ද විභාග කොමසාරිස්වරයා මෙහිදී පවසා සිටියා.

මේ අතර දෙවන ප්‍රශ්න පත්‍රයට අමතර විනාඩි දහයක කාලයක් විභාග අපේක්ෂකයින් වෙනුවෙන් ලබා දී ඇති බවත් එම කාලය ප්‍රයෝජනයට ගන්නා ලෙසත් ඔහු මෙහිදී සියලුම විභාග අපේක්ෂකයින්ට දැනුම් දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සැකකටයුතු පුද්ගලයක් දෙයක් ගැන චකිතයක් තිබ්බොත් අනිවාර්යෙන්ම පොලිසියට කියන්න
02:39
Video thumbnail
මාලිමා මන්ත්‍රී නිසා අමාරුවේ වැටුණු අනුරාධපුර ගොවීන්
10:29
Video thumbnail
උඹලා මේකට ඇවිත් හයර් ටික උස්සපුවම අපි මොනවද ගන්නේ..හයර් නිසා ඇල්ලේ ත්‍රීවීල් සෙට් එක රත්වෙයි
12:31
Video thumbnail
කෙහෙළියට වුණ දේ නලින්දටත් වෙයි
03:16
Video thumbnail
නාමල් ආපදාවලින් අසරණ වූ ළමයින්ට පොත්පත් බෙදා දෙන්න යයි."ආණ්ඩුව තාම සහන දෙන විදිය අධ්‍යයනය කරනවා"
04:13
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56


?