2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (17) ආරම්භ වනවා.
දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 3,663ක දී මෙවර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන බවයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර සඳහන් කළේ.
මෙවර විභාගය සඳහා අපේක්ෂකයින් 474,147ක් අයදුම් කර ඇති අතර, ඉන් 398,182ක් පාසල් අයදුම්කරුවන් බවයි ඔහු පැවසුවේ.
මෙවර සාමාන්‍ය පෙළ විභාග සඳහා සුදුකම් ලබා සිටින පෞද්ගලික අයදුම්කරුවන් සංඛ්‍යාව 75, 968ක්.
මේ අතර විභාගය සඳහා කල් වෙලා ඇතිව විභාග ශාලාව වෙත පැමිණෙන ලෙස විභාග අපේක්ෂකයිට දැනුම් දෙන අතර, අනවශ ද්‍රව්‍ය කිසිවක් විභාග ශාලාවට රැගෙන ඒමෙන් වළකින ලෙසට ද දැනුම් දෙනවා.
යම් විභාග අපේක්ෂකයෙක් විභාග නීති උල්ලංඝනය කළ හොත් විභාග වරදක් ලෙස සළකා උපරිම විනය ක්‍රියාමාර්ග ගන්නා බවත්, වසර 05ක විභාග තහනමක් පැනවීමේ හැකියාව ඇති බව ද විභාග කොමසාරිස්වරයා මෙහිදී පවසා සිටියා.
මේ අතර දෙවන ප්‍රශ්න පත්‍රයට අමතර විනාඩි 10ක කාලයක් විභාග අපේක්ෂකයින් වෙනුවෙන් ලබා දී ඇති බවත් එම කාලය ප්‍රයෝජනයට ගන්නා ලෙසත් විභාග කොමසාරිස්වරයා සියලුම අපේක්ෂකයින්ට දැනුම් දෙනවා.