සාගින්නෙන් ශ්‍රී ලංකාව 64 වන තැනට

මෙම වසරේ ගෝලීය සාගිනි දර්ශකයේ ශ්‍රී ලංකාවට 64 වන ස්ථානය හිමිව ඇති බව වාර්තා වනවා.

මෙවර සාගිනි දර්ශකයට රටවල් 121 ඇතුළත්ව තිබෙනවා.

ලකුණු 13.6ක් ලබාගනිමින් 64 වෙනි ස්ථානය හිමිකරගෙන ඇති ශ්‍රී ලංකාව සාගින්න අතින් මධ්‍යස්ථ මට්ටමේ පසු වනවා.

පසුගිය වසරේ දී සාගිනි දර්ශකයේ රටවල් 116 ක් අතරින් ශ්‍රී ලංකාවට 65 වන ස්ථානය හිමි වුණා.

මෙවර සාගිනි දර්ශකයේ ඉන්දියාව 107 වැනි ස්ථානයේත් පාකිස්තානය 99 වැනි ස්ථානයේත් බංගලාදේශය 84 වැනි ස්ථානයේත් පසුවනවා.

සංවර්ධනය වෙමින් පවතින රටවල් යොදා ගනිමින් අයර්ලන්තය සහ ජර්මනියේ සංවිධාන දෙකක් එක්ව වාර්ෂිකව මෙම ගෝලීය සාගිනි දර්ශකය සකසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?