ස්වාධීන වුණාට ඇමැති තනතුරු වලට කෙළ හලන මන්ත්‍රීවරු

ආණ්ඩුවට සහාය පලකිරීමෙන් ඉවත්ව පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ මන්ත්‍රීවරු පිරිසකට අමාත්‍ය ධූර ලබාදීමේ සූදානමක් ඇති බවට තොරතුරු වාර්තා වේ.

මෙම නව දිවුරුම් දීම ඉදිරි අමාත්‍ය මණ්ඩලය පත් කිරීමේ අවස්ථාවේදී හෝ ඊට පෙර සිදු කිරීමට නියමිතව ඇත.

මේ සම්බන්ධයෙන් සාකච්ඡා වට කිහිපයක්ම පවත්වා ඇති බවට තොරතුරු වාර්තා වේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 40 ක පමණ ආණ්ඩුවට දක්වන සහයෝගයෙන් ඉවත්ව පාර්ලිමේන්තුවේ ස්වාධීන වන බව පසුගියදා නිවේදනය කරන ලදී.

එසේ ස්වාධීන වූ මන්ත්‍රීවරුන් වන ශාන්ත බණ්ඩාර සහ ප්‍රියංකර ජයරත්න මහත්වරුන් නැවතත් අමාත්‍ය ධුර බාරගෙන තිබේ.

ශාන්ත බණ්ඩාර මහතා රාජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස දිවුරුම් දීම පක්ෂයේ ප්‍රතිපත්ති පාවා දීමක් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ආචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසයි.

ශාන්ත බණ්ඩාර මහතා කාබනික පොහොර නිෂ්පාදන, ප්‍රවර්ධන හා සැපයුම් නියාමන සහ වී හා ධාන්‍ය, කාබනික ආහාර, එළවළු, පලතුරු, මිරිස්, ළුණු හා අර්තාපල් වගා ප්‍රවර්ධන, බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යවරයා ලෙස අද ජනාධිපතිතුමා ඉදිර්යේ දිවුරුම් දුන්නේය.

මීට පෙර එම රාජ්‍ය අමාත්‍ය ධුරයේ කටයුතු කරනු ලැබුවේ ශෂින්ද්‍ර රාජපක්ෂ මහතායි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?