ස්වාධීන වුණාට ඇමැති තනතුරු වලට කෙළ හලන මන්ත්‍රීවරු

ආණ්ඩුවට සහාය පලකිරීමෙන් ඉවත්ව පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ මන්ත්‍රීවරු පිරිසකට අමාත්‍ය ධූර ලබාදීමේ සූදානමක් ඇති බවට තොරතුරු වාර්තා වේ.

මෙම නව දිවුරුම් දීම ඉදිරි අමාත්‍ය මණ්ඩලය පත් කිරීමේ අවස්ථාවේදී හෝ ඊට පෙර සිදු කිරීමට නියමිතව ඇත.

මේ සම්බන්ධයෙන් සාකච්ඡා වට කිහිපයක්ම පවත්වා ඇති බවට තොරතුරු වාර්තා වේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 40 ක පමණ ආණ්ඩුවට දක්වන සහයෝගයෙන් ඉවත්ව පාර්ලිමේන්තුවේ ස්වාධීන වන බව පසුගියදා නිවේදනය කරන ලදී.

එසේ ස්වාධීන වූ මන්ත්‍රීවරුන් වන ශාන්ත බණ්ඩාර සහ ප්‍රියංකර ජයරත්න මහත්වරුන් නැවතත් අමාත්‍ය ධුර බාරගෙන තිබේ.

ශාන්ත බණ්ඩාර මහතා රාජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස දිවුරුම් දීම පක්ෂයේ ප්‍රතිපත්ති පාවා දීමක් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ආචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසයි.

ශාන්ත බණ්ඩාර මහතා කාබනික පොහොර නිෂ්පාදන, ප්‍රවර්ධන හා සැපයුම් නියාමන සහ වී හා ධාන්‍ය, කාබනික ආහාර, එළවළු, පලතුරු, මිරිස්, ළුණු හා අර්තාපල් වගා ප්‍රවර්ධන, බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යවරයා ලෙස අද ජනාධිපතිතුමා ඉදිර්යේ දිවුරුම් දුන්නේය.

මීට පෙර එම රාජ්‍ය අමාත්‍ය ධුරයේ කටයුතු කරනු ලැබුවේ ශෂින්ද්‍ර රාජපක්ෂ මහතායි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04