ස්වර්ණභූමි ගුවන්තොටුපොළ අසල දැවැන්ත පිපිරීමක්

තායිලන්තයේ අන්තර්ජාතික ගුවන්තොටුපළ අසළ ඇති රසායනික ද්‍රව්‍ය ඇති කර්මාන්තශාලාවක් තුළ හදිසි පිපිරීමක් ඇතිව තිබෙනවා.

මෙලෙස පුපුරා ගොස් ඇත්තේ ප්ලාස්ටික් නිෂ්පාදනාගාරයක් බවයි තායිලන්ත මාධ්‍ය වාර්තා කරන්නේ.

පිපිරීම නිසා දැනට පුද්ගලයින් 27 දෙනෙකු තුවාල ලබා ඇති බවත්, ගිනි නිවන භටයෙකු මියගොස් ඇති බවත් වාර්තා සඳහන්.

අද (05) අලුයම කාලයේ බැංකොක් නුවර ස්වර්ණභූමි ගුවන්තොටුපළ අසළ තිබෙන “මින්ග් ඩි කෙමිකල්” කර්මාන්තශාලාව මෙලෙස පුපුරා ගොස් තිබුණා.

කාර්මාන්තශාලාවේ තවත් පිපිරීම් සිදුවිය හැකි බවට ගිනි නිවන අංශ විසින් පවසා තිබෙන අතර පුපුරා ගිය කර්මාන්තශාලාව අසළ පදිංචි පුද්ගලයින් 500 පමණ දෙනෙකු එම ස්ථානයේ ඉවත් කර තිබෙනවා.

පුපුරා ගිය ස්ථානයේ සිට මීටර් 500ක අරයක් වටා කිසිවෙකුත් රැඳී නොසිටින ලෙස බලධාරීන් දැනුම් දී තිබෙනවා.

ආපදා අංශ විසින් වැසියන් ඉවත් කිරීමේ නිරතව සිටින අතර ඇතිව තිබෙන ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවන අංශ විශාල උත්සාහයක නිරත සිටින බවත් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා තිබේ.

පුපුරා යෑමට හේතුවක් මෙතෙක් හෙළි නොමැති බවයි වාර්තා වන්නේ. 

පිපිරීම වූ ස්ථානයේ ඡායාරූප පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21