ස්පාඤ්ඤයේ මහල් නිවාස සංකීර්ණයක දරුණු ගින්නක්

ස්පාඤ්ඤයේ වැලෙන්සියා හි මහල් නිවාස සංකීර්ණයක හටගත් දරුණු ගින්නකින් පුද්ගලයින් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා.

මෙම ගින්නෙන් ගිනි නිවන භටයින් හය දෙනෙකු සහ කුඩා දරුවෙකු ඇතුළු පුද්ගලයින් 14 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ගින්න හටගත් මහල් නිවාස සංකීර්ණය නිවස 138කින් සමන්විත වන අතර, එහි නිවැසියන් 450ක් වාසය කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

ගින්න ආරම්භ වී කෙටි කාලයකට පසු එය ගොඩනැඟිල්ල පුරාවටම සීඝ්‍රයෙන් පැතිර ගොස් ඇති අතර, ගොඩනැගිල්ලේ ඉදිකිරීම් සඳහා භාවිතා කරන ලද ද්‍රව්‍ය ගින්න පැතිරීමට හේතු වී ඇති බවයි ස්පාඤ්ඤ බලධාරීන් සැකපළ කරන්නේ.

ඊයේ පස්වරුවේ හටගත් මෙම ගින්න මේ වනවිට පාලනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21