ස්පාඤ්ඤයට බලපෑ දරුණුතම ගංවතුරෙන් අතුරුදන්වූවන් සොයා තවදුරටත් මෙහෙයුම් – මියගිය ගණන 217 ඉක්මවයි

ස්පාඤ්ඤයට බලපෑ දරුණුතම ගංවතුරින් අතුරුදන් වූවන් සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එම ව්‍යසනයෙන් පුද්ගලයින් 217 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.

ස්පාඤ්ඤයේ නැගෙනහිර වැලෙන්සියා ප්‍රාන්තයට බලපෑ දැවැන්තම සහ දරුණුතම ව්‍යසනය මෙය වන බවත් ඉන් වූ ජීවිත හා දේපොළ හානිය අතිමහත් බවයි විදෙස් මාධ්‍ය උපුටනයන් පෙන්වාදෙන්නේ.

එරට ජාතික කාලගුණ සේවා AEMET විසින් Valencia හි හදිසි තත්ත්වය අවසන් කරන බව අද (04) දිනයේ දී නිවේදනයක් කළ ද, තවමත් ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් ඊසාන දිග කැටලෝනියා කලාපයේ ඉහළ කොටසට නිකුත් කර ඇත්තේ රතු නිවේදනයක්.

කැටලන් දුම්රිය සේවය ද නැවත දැනුම්දෙන තුරු අත්හිටුවා තිබෙනවා.

අමාත්‍ය ඔස්කාර් පුවෙන්ටේ X හි නිවේදනය කළේ, ගුවන් ගමන් ප්‍රමාද වී ඇති බවත් බාසිලෝනා හි එල් ප්‍රට් ගුවන් තොටුපළේ දී ඇතැම් ගුවන් යානා නැවත හරවා යවන ලද බවයි.

සොල්දාදුවන්, පොලිස් නිලධාරීන්, සිවිල් ආරක්ෂකයින් සහ ගිනි නිවන භටයන් දහස් ගණනක් හයවන දිනටත් අතුරුදන් වූවන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති අතර අවතැන් වූවන් හට ආධාර බෙදාදීමේ කටයුතු ද සිදු කරන බවත් වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10