ගුරු – විදුහල්පති විරෝධතාව හේතුවෙන් කොටුව අවහිර වෙයි – ජල ප්‍රහාරයකුත් එල්ල වෙයි

Update:- අද (26) දින දිවයින පුරා ක්‍රියාත්මක කර ඇති ගුරු – විදුහල්පති වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් පාසල් අධ්‍යයන කටයුතු අඩපණ වූවා සේ ම; මේ වනවිට එම විරෝධතාව හේතුවෙන් කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට ඕල්කට් මාවතේ එක් මංතීරුවක් සහ ලෝටස් මාවත ද අවහිර වී තිබෙනවා.

මෙම විරෝධතාවට මීට ටික වේලාවකට පෙර පොලිසියෙන් ජල ප්‍රහාරයක් ද එල්ල වුණා.

අප වාර්තාකරු පැවසුවේ මේ හේතුවෙන් රථ වාහන ධාවනයට ද දැඩි බලපෑම් එල්ල ව ඇති බවයි.

විරෝධතාකරුවන් සිය ඉල්ලීම් දිනා ගැනීම වෙනුවෙන් මෙලෙස පවතින රජයට එරෙහි ව උද්ඝෝෂණයේ නිරත වන අතර ඔවුන් පොලිසිය විසින් යොදනු ලැබූ මාර්ග බාධක ද බිඳ දමමින් පා ගමනින් ඉදිරියට යන බව ද වාර්තා වනවා.

——————————————————————————-

ශ්‍රී ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් ඇතුළු 09 දෙනෙකුට අධිකරණයෙන් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

මෙම නියෝගය අද (26) දහවල් නිකුත් කර ඇත්තේ අද දින ක්‍රියාත්මක කර ඇති ගුරු – විදුහල්පති විරෝධතාවට සමගාමීව සිදු කරනු ලබන විරෝධතා සම්බන්ධයෙනි.

අධිකරණ නියෝගය අනුව විරෝධතාකරුවන්ට ගාලු පාර, එන්.එස්.ඒ. වටරවුම සහ කොළඹ මාර්ග කිහිපයකට ඇතුළුවීම වළක්වාලමින් මෙම නියෝගය කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් නිකුත් කරනු ලැබුවා.

ජුනි 24 සිට අද දින තෙක් පාසල් අනධ්‍යයන සේවකයින්ගේ වැටුප් විෂමතා සහ ඉල්ලීම් මුල් කරගනිමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක් පැවැත්වූ අතර අද දින දිවයින පුරා ගුරු – විදුහල්පතිවරුන් සිය ඉල්ලීම් වෙනුවෙන් අසනීප නිවාඩු දමා මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
12
+1
2
+1
4
+1
0
+1
1
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03