ගුරු – විදුහල්පති විරෝධතාව හේතුවෙන් කොටුව අවහිර වෙයි – ජල ප්‍රහාරයකුත් එල්ල වෙයි

Update:- අද (26) දින දිවයින පුරා ක්‍රියාත්මක කර ඇති ගුරු – විදුහල්පති වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් පාසල් අධ්‍යයන කටයුතු අඩපණ වූවා සේ ම; මේ වනවිට එම විරෝධතාව හේතුවෙන් කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට ඕල්කට් මාවතේ එක් මංතීරුවක් සහ ලෝටස් මාවත ද අවහිර වී තිබෙනවා.

මෙම විරෝධතාවට මීට ටික වේලාවකට පෙර පොලිසියෙන් ජල ප්‍රහාරයක් ද එල්ල වුණා.

අප වාර්තාකරු පැවසුවේ මේ හේතුවෙන් රථ වාහන ධාවනයට ද දැඩි බලපෑම් එල්ල ව ඇති බවයි.

විරෝධතාකරුවන් සිය ඉල්ලීම් දිනා ගැනීම වෙනුවෙන් මෙලෙස පවතින රජයට එරෙහි ව උද්ඝෝෂණයේ නිරත වන අතර ඔවුන් පොලිසිය විසින් යොදනු ලැබූ මාර්ග බාධක ද බිඳ දමමින් පා ගමනින් ඉදිරියට යන බව ද වාර්තා වනවා.

——————————————————————————-

ශ්‍රී ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් ඇතුළු 09 දෙනෙකුට අධිකරණයෙන් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

මෙම නියෝගය අද (26) දහවල් නිකුත් කර ඇත්තේ අද දින ක්‍රියාත්මක කර ඇති ගුරු – විදුහල්පති විරෝධතාවට සමගාමීව සිදු කරනු ලබන විරෝධතා සම්බන්ධයෙනි.

අධිකරණ නියෝගය අනුව විරෝධතාකරුවන්ට ගාලු පාර, එන්.එස්.ඒ. වටරවුම සහ කොළඹ මාර්ග කිහිපයකට ඇතුළුවීම වළක්වාලමින් මෙම නියෝගය කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් නිකුත් කරනු ලැබුවා.

ජුනි 24 සිට අද දින තෙක් පාසල් අනධ්‍යයන සේවකයින්ගේ වැටුප් විෂමතා සහ ඉල්ලීම් මුල් කරගනිමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක් පැවැත්වූ අතර අද දින දිවයින පුරා ගුරු – විදුහල්පතිවරුන් සිය ඉල්ලීම් වෙනුවෙන් අසනීප නිවාඩු දමා මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
12
+1
2
+1
4
+1
0
+1
1
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?