සහල් ආනයනය අත්හිටුවන ලෙස දන්වා ගැසට්ටුවක් නිකතු කිරීමට ජනපතිගෙන් උපදෙස්

මෙරටට සහල් ආනයනය කිරීමේ අවශ්‍යතාවයක් තවදුරටත් නැති බැවින් සහල් ආනයනය කිරීම අත්හිටුවන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ඊයේ (08) ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

පාර්ලිමේන්තුවේ දී ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවක දී කෘෂිකර්ම අමාත්‍යවරයා ඊයේ (08) මෙම ඉල්ලීම කර ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය යල කන්නයේ දී ඉහළ වී අස්වැන්නක් ලැබීමත්, මෙවර මහ කන්නයේ දී මේ වනවිටත් වගා කිරීමට ඉළක්ක කරන ලද ඉඩම් ප්‍රමාණය වන හෙක්ටෙයාර් ලක්ෂ 08න් හෙක්ටෙයාර් 675,600ක් පමණ වගා කිරීමටත් ගොවි ජනතාව කටයුතු කර ඇති බැවින් 2023 වසරේ දී රටට සහල් හිඟයක් ඇතිවීමට කිසිදු ඉඩක් නොමැති බවයි අමාත්‍යවරයා ජනාධිපතිවරයා වෙත පවසා ඇත්තේ.

ඒ අනුව සහල් මෙරටට ආනයනය කිරීම අත්හිටුවන ලෙස දන්වා ගැසට් පත්‍රයක් නිකුත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන් විසින් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්. සමරතුංග මහතාට එම අවස්ථාවේ ම උපදෙස් ලබාදීමටයි කටයුතු කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පෝලිමේ ඉඳලා ෆුල් ටෑන්ක් ගහපු යතුරුපැදියෙක් මහ පාරේ ගිනිගනී
00:31
Video thumbnail
වැල්ලවායේ ඉන්ධන සැපයීම සාමාන්‍ය අතට හැරෙයි
01:29
Video thumbnail
ශ්‍රී ලාංකිකයින් පිරිසකගේ බිහිසුණු අත්දැකීම..වැ#නවා..දුවපන්..දුවපන්
00:47
Video thumbnail
"මේක බුදුබව අත්වෙන්න තරම් පිනක්..ගොඩක් පිං"බැතිමතුන් 1200ක් සෝමාවතී‍යට රැගෙන ගිය පින්බර වැඩසටහන
06:48
Video thumbnail
බිමල්ගේ ඇටකටුත් නැතිවෙන්න ට්‍රම්ප් ග#නවා - බලු කතා කියන්න එපා
02:50
Video thumbnail
මැදපෙරදිග යුද්දයෙන් ලංකාවේ අපනයනවලට වෙන දේ මෙන්න..තේ වැනි දේවල් දැන්ම වරායට ගේන්න එපා
02:58
Video thumbnail
ඩුබායි ෆාම් ජුමේරාවල නවතම තත්ත්වය..මුළු නගරයම පාළුවෙලා ගිහින්
01:59
Video thumbnail
මැදපෙරදිග යුද්ධය ගැන රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්
03:12
Video thumbnail
අචින්ති තම්පි භවති - චින්ති තම්පි විනස්සති
01:48
Video thumbnail
රටේ පාලකයෝ මහ සංඝරත්නයට කතා කරන්නේ වනචාරීන් කියලා..සජිත් සැර වෙයි
05:28