spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සහල් ආනයනය අත්හිටුවන ලෙස දන්වා ගැසට්ටුවක් නිකතු කිරීමට ජනපතිගෙන් උපදෙස්

මෙරටට සහල් ආනයනය කිරීමේ අවශ්‍යතාවයක් තවදුරටත් නැති බැවින් සහල් ආනයනය කිරීම අත්හිටුවන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ඊයේ (08) ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

පාර්ලිමේන්තුවේ දී ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවක දී කෘෂිකර්ම අමාත්‍යවරයා ඊයේ (08) මෙම ඉල්ලීම කර ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය යල කන්නයේ දී ඉහළ වී අස්වැන්නක් ලැබීමත්, මෙවර මහ කන්නයේ දී මේ වනවිටත් වගා කිරීමට ඉළක්ක කරන ලද ඉඩම් ප්‍රමාණය වන හෙක්ටෙයාර් ලක්ෂ 08න් හෙක්ටෙයාර් 675,600ක් පමණ වගා කිරීමටත් ගොවි ජනතාව කටයුතු කර ඇති බැවින් 2023 වසරේ දී රටට සහල් හිඟයක් ඇතිවීමට කිසිදු ඉඩක් නොමැති බවයි අමාත්‍යවරයා ජනාධිපතිවරයා වෙත පවසා ඇත්තේ.

ඒ අනුව සහල් මෙරටට ආනයනය කිරීම අත්හිටුවන ලෙස දන්වා ගැසට් පත්‍රයක් නිකුත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන් විසින් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්. සමරතුංග මහතාට එම අවස්ථාවේ ම උපදෙස් ලබාදීමටයි කටයුතු කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?