සහල්වලට පාලන මිලක් ?

සහල් සඳහා පාලන මිලක් ප්‍රකාශයට පත් කරන ලෙස තමන් අද කැබිනට් මණ්ඩලයට යෝජනා කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ප්‍රකාශ කළා. කෙසේ වෙතත්, දඹුල්ල ප්‍රදේශයේ රුපියල් 145කට අලෙවි වූ නාඩු සහල් කිලෝව රුපියල් 190ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වුණේ. එසේම එම ප්‍රදේශයේම රුපියල් 125කට අලෙවි වූ රතු කැකුළු සහල් කිලෝව රුපියල් 160 දක්වාත් සුදු කැකුළු කිලෝවක මිල රුපියල් 180 දක්වාත් ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර, ජනතාව දෛනිකව මිල දී ගන්නා අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල ගණන් ද ඉහළ යමින් පවතින බව වෙළඳපොල ආරංචි මාර්ග පැවසුවා. ඒ අනුව මේ වන විට පරිප්පු, සීනි, බිත්තර හා කුකුළු මස් වල මිල පවතින්නේ ඉහළ අගයකයි. හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය සතිපතා නිකුත් කරන වාර්තාවේ සඳහන්ව ඇත්තේ දිවයිනේ ඇතැම් ස්ථානවල රතු පරිප්පු කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 420ක් දක්වා ඉහළ ගොස් තිබූ බවයි. මහ බැංකු වාර්තාව අනුව පසුගිය 16 වන දා වන විට කොළඹ ආශ්‍රිතව සුදු සීනි කිලෝග්‍රෑමයක් අලෙවි වී ඇත්තේ රුපියල් 185කට ආසන්න මිලකින්.

එහෙත් අද වන විට සුදු සීනි කිලෝවක මිල රුපියල් 190ක් දක්වා ඉහළ ගොස් ඇති බව මහ බැංකු වාර්තාවේ සඳහන්. එසේම බිත්තරයක සිල්ලර මිල ද රුපියල් 28 සිට 32 දක්වා පරාසයක සටහන්ව තිබෙනවා. පසුගිය සතිය තුළ දී කුකුළු මස් කිලෝවක සිල්ලර මිල සටහන් වූයේ රුපියල් 690ත් 900ත් අතර පරාසයකින් බව ද හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය නිකුත් කරන අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල ගනන් වාර්තාවේ සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?